My Blog List

Tuesday 27 June 2023

 


නිහඬ සිනමාව තුළ කැපී පෙනෙන පුද්ගලයන් .



ජෝර්ජ් මේලීස්






ප්‍රංශ ජාතික ජෝර්ජ් මේලීස් චිත්‍ර ශිල්පියෙකි.මොහු කාටූන් ශිල්පියෙක් සහ කාර්මික ශිල්පියෙකු ලෙසද කටයුතු කර ඇත .සිනමාවට මැජික් ශිල්පය හදුන්වා දෙන්නේ මොහු විසිනි.තවද මොහු චලන කැමරාවක් නිපදවා රොබ්ට් පෝල්ගේ ප්‍රක්ශේපන යන්ත්‍රය මිලදී ගෙන චිත්‍රපට නිර්මාණය සහ ප්‍රදර්ශනය සිදු කර ඇත .1898- 1913 දක්වා කාලය තුළ චිත්‍රපට 500 කට අධික ප්‍රමාණයක් මොහු විසින් නිර්මාණය කර ඇත .මීට අමතරව මොහු චිත්‍රපට වල කතා ලිවීම දර්ශන තල සකස් කිරීම ,දර්ශන රූප ගත කිරීම ,එහි ප්‍රධාන චරිත නිරූපණය ,අධ්‍යක්ෂණය කිරීම ,නිශපාදනය කිරීම මොහු විසින්ම සිදු කර ඇත  මේ නිසාම සිනමාවේ ප්‍රථම තත්‍ය සිනමාකරු ලෙස හැදින්වේ .ඔහුගේ චිත්‍රපට මාධ්‍යට ලැබුණු ප්‍රධානතම  දායකත්වය වන්නේ උපක්‍රමශීලී රූ ගත කිරීම් විලාශයයි.කඩින් කඩ චලන මූලධර්මය හෙවත්  ස්ටෝප් ඇක්ෂන් මූලධර්මය මොහු විසින් සිනමාවට හදුන්වා දෙන ලදී.කැමරාව හා ක්‍රියාව නතර කර දර්ශනයට අලුතින් යමක් එකතු කර හෝ ඉවත් කර නැවත කැමරාව හා ක්‍රියාව ඇරඹීමෙන් වස්තූන් පරිවර්තනය හා අතුරුදන් කිරීම කල හැකි බව එම මූලධර්මය මගින් අවබෝධ කර ගන්නා ලදී.එනම් වරක් එළිමහන් රූපගත කිරීමකදී කැමරාවේ දෝශයක් නිසා එය මදකට නවතා පසුව නැවත රූ ගත කිරීමෙන් පසුව අදාළ දර්ශනය නැරඹීමේදී පසු තලයේදී ගමන් ගත් රථයක් එක් වරම අවමංගල්‍ය රථයක් ලෙස දිසිවීමක් සමග මෙම මූලධර්මය සොය ගන්නා ලදී.මෙම මූලධර්මය පසුකාලීනව සිනමාවේ ප්‍රමුඛ සිද්ධාන්තයක් බවට පත් විය .1897 දී තමාගේ චිත්‍රාගරයක් නිර්මාණය කල මොහු සිනමාවට අවශ්‍ය විශේෂ ක්‍රම ශිල්ප වර්ධනය කළේය .මේ ආකාරයට මොහුගෙන් සිනමාවට ලැබුණ දායකත්වය අගනේය.



එඩ්වින් එස් . පෝටර්






ගොපලු සිනමාවේ පියා ලෙස හැදින්වෙන මොහු පුරෝගාමී අවධියේ එක්සත් ජනපදයේ බිහිවූ එකම සාර්ථක සිනමා කරු ලෙස හැදින්වේ.මොහු චලන රූප භාවිතයේත් කතාන්දර කීමේ ක්‍රමය සොයා ගැනීමේ පුරෝගාමියා වේ.චිත්‍රපට කලාවේ මූලික පදනම සංස්කරණය තුළින් ගොඩනැංවිය හැකි බව මුල් වරට ඉදිරිපත් කළේ මොහු විසිනි .එම නිසාම මොහු සංස්කරණයේ පියා ලෙස හැදින්වේ.1873 දී නිර්මාණය කළ The life of an American Finemen නැතහොත් ඇමරිකානු ගිනි නිවන බටයාගේ දින චර්යාව නැමැති චිත්‍රපටය වාර්තා වෘත්තාන්ත චිත්‍රපට ධාරාවේ ආරම්භය සනිටුහන් කරයි.එඩිසන්ගේ චිත්‍රපට ගබඩාවේ තිබූ ගිනි නිවන හමුදාවේ ක්‍රියාකාරකම් ඇතුළත් රූප පෙළක් සොයා ගත් මොහු ඒ ඇසුරෙන් එම චිත්‍රපටය නිර්මාණය කර ඇත .සංස්කරණ රීතිය ඔහු වඩාත් හොදින් බාවිතා කරනු ලැබුවේ 1903 දී නිර්මාණය කළ The Great train robbery මහා දුම්රිය මංකොල්ලය චිත්‍රපටය තුළය.සංස්කරණ රීතීන් මෙන්ම කැමරාවේ ශක්‍යතාවයන් කතාවක් කීම සදහා පළමුවරට සංකලනය කරනු ලැබුවේ මෙම චිත්‍රපටය තුළය.එකම සිදුවීම් දෙකක් සමාන්තර ජේදනය මගින් නිරූපණය කිරීම සමීපා රූපයකට ජේදනය කිරීමෙන් යමක් අවධාරණය කිරීම වැනි සංස්කරණ උපක්‍රම ඔහු සිනමාවට හදුන්වා දී ඇත.මේ ආකාරයට මොහුගෙන් සිනමාවට ලැබුණු දායකත්වය සදහන් කළ හැක.



ඩේවිඩ් වෝග් ග්‍රිෆිත් 









චලන රූප ගත කිරීම හා ප්‍රක්ශේපනය පිළිබඳ පර්‍යේක්ෂණ වලින් සමන්විත පුරෝගාමි අවධිය අවස්නව චිත්‍රපට කලා මාධ්‍යයක් ලෙස වැඩෙන්නට පටන් ගත්තේ ඩේවිඩ් වෝග් ග්‍රිපිත් සමගය. චිත්‍රපට භාෂාව පිළිබඳ මූලික සිද්ධාන්ත රාශියක් සොයා ගැනීම හා වර්ධනය කිරීමත් චිත්‍රපටයේ ප්‍රකාශන ශක්තිය වැඩි කිරීම උදෙසා එය භාවිතා කිරීමත් නිසා ඔහු චිත්‍ර කලාවේ පියා ලෙසද හදුන්වනු ලබයි.සිනමාවේ ප්‍රථම කලාකරුවා සිනමාවේ බුද්ධිමතා සිනමාවේ කවියා සිනමාවේ ඍෂි වරයා ලෙස හදුන්වනු ලබයි.මොහුගේ අදහස චිත්‍රපට යනු හුදෙක් කතන්දර පමණක් ප්‍රකාශ කරන මාධ්‍යයක් නොව ජීවිතය හා සමාජය පිළිබඳ ගැඹුරින් අර්ථ සම්පාදනය කරන ලලිත කලාවක් බව ඔහුගේ අදහසයි.ඔහු සෑමවිටම ප්‍රකාශ කරන ලද්දේ " මට අවශ්‍ය ඔබ ලබා බැලවීමටයි ". යන්නයි. නාට්‍ය රචකයෙකු ලෙස කලාවට පිවිසෙන මොහු පසුව දර්ශන රචකයෙකු ලෙස එඩිසන්ගේ චිත්‍රපට සමාගමට බැදේ.1908 කතා රචකයෙකු හා අධ්‍යක්ෂකවරයෙකු ලෙස Bio Graph සමාගම බැදුණු මොහු 1908-1914 කාලයේ චිත්‍රපට 500කට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කළේය . මොහුගේ අදහස වූයේ චිත්‍රපටයක පදනම දර්ශනය නොව තනි රූපය බවයි.දුර රූප, මධ්‍යම රූප, සමීප රූප ලෙස රූප වර්ග කළ ඔහු කැමරා චලනය රූපයට විවිධ අර්ථ ලබා දුන්නේය .ඩේවිඩ් වෝග් ග්‍රිපිත් නිර්මාණය කළ චිත්‍රපට අතර වඩාත් විශිෂ්ඨතම චිත්‍රපටය වන්නේ The Birth of a Nation නැතහොත් ජාතියක උපත සිනමා පටයයි 1915 දී නිර්මාණය කරන ලද මෙමෙ චිත්‍රපටය පැය තුනකට අධික ධාවන කාලයකින් යුක්ත වේ .මේ ආකාරයට මොහුගෙන් සිනමාවට ලැබුණ දායකත්වය දැක්විය හැක.


6 comments:

  රේඛාව සිනමා නිර්මාණය .                    ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු රේඛාව සිනමා පටය ස්වභාවික දර්ශන තලවල ර...