My Blog List

Saturday 24 June 2023

සිනමාවේ පූර්ව යුගය

 


සිනමාවේ පූර්ව යුගය 






ලෝක සිනමාවේ ආරම්භය හා වර්ධනය පිළිබඳ සැලකීමේදී වඩාත් වැදගත් වන්නේ පූර්ව සිනමා යුගය සහ නිහඬ සිනමා යුගයයි.සිනමාවේ ආරම්භය පිළිබඳ හදාරන විට ප්‍රධාන වශයෙන් මූලික සාධක තුනක් පිළිබඳ අවධානය යොමු කල යුතු වේ.


1)  නිශ්චල ඡායාරූප ශිල්පයේ වර්ධනය .

2)  තාක්‍ෂණයෙන් ගොඩ නංවන ලද දෘශ්‍යමය විනෝද මාධ්‍ය .

3)  දෘශ්ඨියේ අඛණ්ඩතාව පිළිබඳ සිද්ධාන්තය ඇසුරෙන් බිහිවූ දෘශ්‍යමය ක්‍රීඩා භාණ්ඩ .

    
  නිශ්චල ඡායාරූප ශිල්පයේ වර්ධනය 

සිනමා ආරම්භය කෙරෙහි බලපෑ සාධක අතරින් එක් ප්‍රධාන සාධකයක් වන්නේ නිසල රූප රාමු කලාවයි .සූර්යයා ලෝකය හා ඡායා පතිත වීම පිළිබඳ සොය ගැනීම් රැසක් සොයා ගැනීම පිළිබඳ ගෞරවය ඇරිස්ටෝටල් පඩිවරයාට හිමි වේ.තවද ඉයුක් ලීඩ් නම් විද්වතා ලෝකය සරල රේඛීය මාර්ගයක ගමන් ගන්නා බව හෙළි දරව් කර ඇත .ඉන් අනතුරුව අල් හසන් නැමැති අරාබි ජතික විද්වතා කාමරයක් තුළට කුඩා සිදුරකින් පතිත වන  ආලෝක සෙවනැල්ල උඩු යටි කුරු වී පතිත වීම පිළිබඳ අධ්‍යනය කර තිබේ.

                                           ක්‍රි.ව 1267 පමණ වන විට  රොජර් බේකන් නැමැති පූජකවරයා විසින් අදුරු කාමරයක් තුළට සිදුරක් තුළින් පතිත වන ආලෝක සෙවනැල්ල සහ එයින් මැවෙන ප්‍රතිබිම්බ පිළිබඳ අධ්‍යනය කර තිබේ.නූතන කැමරාවේ ආදි මුතුන් මිත්තා වන කැමරා ඔබ්සිකියුරාව බිහි වීම කැපී පෙනේ.16 වන සියවසේ ලියනාඩෝ ඩාවින්චි විසින් කැමර ඔබ්සිකියුරාව ඇසුරෙන් සිතුවම් ඇදීම පිළිබඳ අධ්‍යනය කර ඇත.ඔහුගේ භාවිතය වූයේ අල්පෙනෙති සිදුරක් තරම් ගලා එන ආලෝකයෙන් ලැබෙන ප්‍රතිබිම්බ ඇසුරෙන් රූප ඇදීමයි.ක්‍රි.ව.1550 පමණ වන විට කර්ඩානනෝ නම් පර්‍යේක්ෂකයා අල්පෙනෙති සිදුරක් තරම් සිහින් සිදුරකට කාචයක් යොදා පැහැදිලි රූප යොදා ගත හැකි පරිදි එය සංවර්ධනය කර තිබේ.පසු කාලීනව තව දුරටත් කැමරා ඔබ්සිකියුරාව වර්ධනය වී තිබේ.1694 දී රොබට් හුක් විසින් නිර්මාණය කල කැමරා ලුසිඩාව පෙන්වා දිය හැක.මේ ආකාරයට ලෝකයේ කැමරාව නැමැති තාක්‍ෂණික උපකරණය ක්‍රමානුකූලව වර්ධනය වී ඇත.

කැමරාවක් වර්ධනය වී පැවතියද රූප ඉබේ සටහන් වන ක්‍රමයක් එතෙක් නිර්මාණය කර නොතිබුණි .ඉහත දක්වන ලද සොයා ගැනීම් ඡායාරූපයක් වීමට තරම් ප්‍රමාණවත් සාධක ඒ තුළ නොවීය .ඒ සියල්ල චිත්‍ර ශිල්පය ඇදීම සදහා උපකාර වූ ක්‍රමයකි.ඡායාරූපයක් වීමට නම් තිබිය යුතු ප්‍රධාන සිද්ධාන්ත දෙකක් ලෙස ආලෝකයක් හරහා රූපයක් සටහන් කර ගැනීම ඒ සටහන් කර ගත් රූපය කොහේ හෝ තැනක තැන්පත් කර ගැනීමයි.ඒ අනුව 1826 දී ප්‍රංශ ජාතික ජෝශප් විසින් ආලේපයක් තැවරූ වීදුරු ඵලකයක් යොදා ගනිමින් රූපය ඇදීම වෙනුවට එය ඵලකයේ රදවා තබා ගැනීමට හැකියාව ලබා ගන්නා ලදී.මෙය හේලියෝ ග්‍රැෆි නැතහොත් හිරු එළියේ ඇදීම යනුවෙන් හදුන්වා ඇත .1839 දී ඩැගියුරේ විසින් වීදුරු ඵලකයක පින්තූර සටහන් කර ගැනීම වෙනුවට රසායන ද්‍රව්‍ය ඇතිරූ තහඩු මත රූප සටහන් කර ගැනීමේ ක්‍රමයක්ද හදුන්වා දුන් අතර එය ඩැගියුරේ ටයිප් යනුවෙන් හදුන්වා දී තිබේ.ලෝකයේ ප්‍රථම ගුණාත්මක ඡායාරූපය වන පාලු මාවතක ගසක් යට සපත්තු මදින්නෙකුගේ ඡායාරූපය ගනු ලබන්නේද ඩැගියුරේ විසින්ය.1854 දී ඇමරිකානු ජාතික ජෝර්ජ් ඊස්ට්මන් විසින් සැහැල්ලු සෙලියුඩොයිට් පටලය නිර්මාණය කර ඇත .මෙලෙස බිහි වන නිසල රූප රාමු කලාව පසුව බිහි වන සිනමාවට මූලික පදනම සපයනු ලබයි.

                                     
  තාක්‍ෂණයෙන් ගොඩනංවන ලද විනෝද ඡායාරූප 

අනාදිමත් කාලයක සිට රූප රාමු වෙනුවට තම සෙවනැල්ල හරහා එහා මෙහා චලනය කිරීමේදී ඇතිවන අපූර්වත්වය පිළිබඳ සෙවීමට මිනිස් මනස පොළොඹවන ලදී.කුතුහලයට බදුන් වූ සෙවනැලි පිළිබඳ හා සෙවනැල්ල චලනයේදී ඇතිවන අපූර්වත්වය 11 වන සහ 12 වන සියවස වන විට අතහදා බැලීම හා සොයා ගැනීම් රැසකට මුල පුරා තිබිණි.ආලෝකය ලැබෙන පහනක් ඉදිරියේ දෑත් එක්කර ඇගිලි චලනය කරමින් විවිධ සත්වයන්ගේ හැඩරුව සහ මිනිස් රූප මැවීම බලා සිටීමට ප්‍රිය උපදවන කලාව බවට පත් විය.සෙවනැලි රූපරාමු කර ගැනීමේ කලාවේ වැදගතම අවස්ථාව වන්නේ මැජික් ලැන්තෑරුම නැමැති සවනැලි රූප නැරඹීමේ උපකරණය බිහිවිය .17 වන සියවසේ බිහිවූ මැජික් ලන්තෑරුම මගින් අදින ලද රූපයක් බිත්තිය මතට පතිත කිරීමට සමත් විය.මැජික් ලන්තෑරුම යනු සිනමාව බිහි කිරීමට පෙර පූර්ව අවධියේ මුලින්ම ප්‍රක්ශේපනය හදුනා ගත් අවස්ථාවක් ලෙස දැක්විය හැක.පළමු වරට 1644 ජරමානු ජාතික පූජකවරයෙකු වූ ඇතනේසියන් පියතුමා විසින් මැජික් ලැන්තෑරුමේ දර්ශනයක් රෝමයේදී පවත්වා තිබේ.17 වන සියවස අග භාගය වන විට මැජික් ලන්තෑරුම තව දුරටත් දියුණු කිරීමට බොහෝ පර්‍යේක්ෂකයන් උත්සාහ ගෙන ඇත.18 වන සියවස වන විට මැජික් ලැන්තෑරුම ප්‍රංශය වැනි රටවල භාවිතයට ගෙන ඇත්තේ ප්‍රේක්ෂකයන් හට භූතයින් අවතාර පෙන්වීමටය.මෙලෙස බිහි වන මැජික් ලැන්තෑරුම සිනමාවේ රූප චලනය කිරීමේ සහ ප්‍රක්ශේපනය කිරීමේ සිද්ධාන්තය ලෙස මග පෙන්වමින් එයට දායකත්වය දක්වනු ලැබීය.


              දෘෂ්ඨියේ අඛණ්ඩතාව පිළිබඳ සිද්ධාන්තය 

මෙය පීටර් මාර්ක් රොජේ විසින් ඉදිරිපත් කරන ලද්දකි.අප යම් වස්තුවක් දෙස යම් කිසි වෙලාවක් බලා සිටි පසු එම වස්තුවෙන් ඇස ඉවතට ගෙන වෙනත් වස්තුවක් දෙසට අපේ ඇස් යොමු කල විට අප විසින් මුලින් බලා සිටි තප්පරයෙන් දහයෙන් එකක වැනි කුඩා ප්‍රමාණයක් තරම් කාලයක් එම වස්තුව අපේ මතකයේ රැදී අපට දිස්වේ.මෙලෙස රූප රාමු දෙකක් අතර ඇස මාරු වන විට මෙය තුළ පවතින අඛණ්ඩතාව දෘෂ්ඨියේ අඛණ්ඩතාව ලෙස හදුන්වනු ලැබේ







6 comments:

  රේඛාව සිනමා නිර්මාණය .                    ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු රේඛාව සිනමා පටය ස්වභාවික දර්ශන තලවල ර...