රේඛාව සිනමා නිර්මාණය .
රේඛාව සිනමා නිර්මාණය .
කඩවුණු පොරොන්දුව සිනමා නිර්මාණය .
1. බී.ඒ.ඩබ්ලිව් ජයමාන්න (සැම්සන්ගේ චරිතය
2.රුක්මණී දේවී ( රංජනීගේ චරිතය )
3.ඒ.ඩී ජයමාන්න ( මනම්පුවා)
4.ස්ටැන්ලි මල්ලවාරච්චි (හේමපාල)
5.පීටර් පීරිස් ( වික්ටර්)
6.රූපා දේවි( ටැක්ලා)
7.ඇසිලින් බාලසූරිය ( සුමනා)
8. හුයුගෝ ප්‍රනාන්දු (වෛද්‍යවරයා)
9. ඩී.ටී පෙරේරා ( ජයසේන)
යන රංජන ශිල්පීන් රංගනයෙන් දායකත්වය ලබා දී ඇත .
කඩවුණු පොරොන්දුව සිනමා පටයේ ගීත නිර්මාණ.
1. ශ්‍රී ජය විජය" – මිනර්වා සංගීත කණ්ඩායම.
2. "ප්‍රේම දයා" – රුක්මණී දේවී.
3. "ළපටි රූපේ ඈගේ" – එඩී ජයමාන්න.
4. "දෙව ස්වාමි" – රුක්මණී දේවී.
5. "සන්ධ්‍යාවේ ශ්‍රියා රම්‍යා ලෙස පේනා" – රුක්මණී දේවී සහ හියුගෝ ප්‍රනාන්දු / ස්ටැන්ලි මල්ලවආරච්චි.
6. "ඉස් ඉස්සර වෙලා උඹව මමයි" – එඩී ජයමාන්න සහ ජෙමිණි කාන්තා.
7. "පාපෙ ශාපෙ දෝ" – රුක්මණී දේවී සහ හියුගෝ ප්‍රනාන්දු / ස්ටැන්ලි මල්ලවආරච්චි.
8. "මගේ සක බඹරු" – එඩී ජයමාන්න සහ ජෙමිණි කාන්තා.
9. "තක්කිට තරිකිට" – එඩී ජයමාන්න සහ ජෙමිණි කාන්තා.
10. "සුන්දරී රූප රාජිණී" – ස්ටැන්ලි මල්ලවආරච්චි සහ පීටර් පීරිස්.
11. "ජීවිතයේ සාමෙයි" – රුක්මණී දේවී.
12. "යම් ඉඳිය දිසාව" – රුක්මණී දේවී.
ඒ අනුව 1947 දී තිරගත වූ කඩවුණු පොරොන්දුව සිනමා පටය මෙරට ප්‍රථම සිංහල කතානාද සිනමා පටය ලෙස පෙන්වා දිය හැක .සමකාලීන සමාජ අත්දැකීමක් පාදක කර ගත් වෘත්තාන්ත සිනමා කෘතියක් ලෙසට පෙන්වා ඇත .මීට අමතරව මෙම සිනමා නිර්මාණය තුළදී සමාජය පිළිබඳ සමාජ විද්‍යාත්මක කරුණු එනම් සමාජ ස්ථර තත්වයන් පිළිබඳ විග්‍රහයක් ද් සිනමා කෘතිය තුළින් නිරූපිත වේ.
කතානාද සිනමා යුගය
1930 වසරේ මැද භාගය වන විට සීමා සහිත මාදන් තියටරස් සමාගම විශාල වර්ධනයක් පෙන්නුම් කරන ලදී.මාදන් තියටරස් සමාගමේ නිර්මාපකයා වූයේ ජ්මශේජ් ශිරාම්ජි නම් පුද්ගලාය.ඔහු 1902 දී කල්කටාව කේන්ද්‍ර කොට ගත් සිනමා ව්‍යාපාරකයෙකු ලෙස ප්‍රසිද්ධය.ඔහු ඉන්දියාවේ ප්‍රධාන නගර වල සහ බ්‍රිතාන්‍ය යටත් විජිතයන්හි ප්‍රධාන නගර වලත් සිනමා ශාලා හා චිත්‍රපට බෙදා හැරීම ඔහුගේ ආධිපත්‍යයට තතු කර ගැනීමට සමත් විය.ලංකාව තුළ මෙය ඇරඹුනේ ඔහුගේ පළමු ශ්‍රීලංකා සංචාරයෙන් අනතුරුවය. එනම් 1903 වර්ෂයේදීය .ඒ අනුව ඔහුගේ මැදිහත් වීමත් සමග ශ්‍රීලංකාව පුරා චිත්‍රපට බෙදා හැරීම සහ ප්‍රදර්ශනය කිරීම මෙන්ම දිවයින පුරා සිනමා ශාලා ප්‍රමාණය ඉහළ නැංවීමට හැකියාව ලැබිණි.
ලංකාව තුළ 1925 වන තෙක්ම දේශීය චිත්‍රපට නිශපාදනයක් සිදු නොවුණු අතර මෙම කාල සීමාව තුළදී දේශීය සිනමාව පිළිබඳ එතරම් සැළකිලිමත් නොවූ යුගයක් ලෙසට හැදින්විය හැක .එමෙන්ම ඉන්දියාව තුළ ඒ වන විට නිහඬව චලනය වූ හින්දි සිනමා ලෝකයට ගීත,දෙබස්,සංගීතය මුසු වීමත් සමගින් චිත්‍රපට නිර්මාණය කෙරෙහි ප්‍රවේශ විවර විය. ශ්‍රී ලංකාව තුළ ඒ වන විට ප්‍රවේශ වීමට නොහැකි වූයේ ඊට අදාළ තාක්‍ෂණික පහසුකම් නොතිබීම හා භූගෝලීය වශයෙන් දුරස්ථ භාවයක් පැවතීම යන කරුණු බලපා ඇත. මෙම කාල සීමාව තුළ දේශීය සිනමා නිර්මාණයන් නොතිබුණ පසුබිමක ඉන්දියානු හා ඇමරිකානු චිත්‍රපට ප්‍රේක්ෂකයන් වෙත නැරඹීම සදහා අවස්ථාව ලබා දී ඇත.නිදසුනක් ලෙසට ගෝවින්ද රාජ් පාල්කේශේ රාජා හරිචන්ද්‍ර සමගින් චාලී චැප්ලීන්ගේ Gold Rush (1925) සන සිනමා කෘති ගත හැකිය.
මීට අමතරව තවත් නිදසුනක් ලෙසට චාලී චැප්ලීන්ගේ නිහඬ සිනමා කෘතියක් වූ Good Night Charlie නැතහොත් A Night කොළඹ එල්ෆින්ස්ටන්හිදී ප්‍රදර්ශනය කොට ඇත .මීට අමතරව කාල සීමාව තුළදී ස්ටූවන්ට් නැමැත්තා විසින් නිශපාදනය කරන ලද Wonderful Night සහ ජේම්ස් ෆ්ලච්ගේ Man Without a Conscience යන සිනමා පට ලාංකීය ප්‍රෙක්ෂ්කයා හට නැරඹීම සදහා අවස්ථාව උදා විය.
තවද, ශ්‍රීලංකාවේ සිනමා ඉතිහාසය තුළ වැදගත් සංදිස්ථානයක් සනිටුහන් වූයේ ප්‍රථම නිහඬ සිනමා පටය වූ ටී.ඒ.ජී නූර්බායිගේ රාජකීය වික්‍රමය නම් සිනමා කෘතියයි.රාජකීය වික්‍රමය සිනමා පටය අධ්‍යක්ෂණය කරන ලද්දේ ගුප්ත යන අය විසින්ය. සිනමා පටය සදහා ප්‍රධාන රංගන දායකත්වය ලබා දී ඇත්තේ ආචාර්ය එන්.එම්.පෙරේරා විසිනි.මීට අමතරව සිනමා පටය ඉන්දියාව හා සිංගප්පූරුව තුළ ප්‍රදර්ශනය කොට ඇත.
මේ ආකාරයට මෙරට නිහඬ සිනමා යුගය පිළිබඳ තොරතුරු හෙළිදරව් කර හැක.
මේ පිළිබද වැඩිදුර අධ්‍යයනය සඳහා,
නිහඬ සිනමාව තුළ කැපී පෙනෙන පුද්ගලයන් .
ජෝර්ජ් මේලීස්
එඩ්වින් එස් . පෝටර්
ගොපලු සිනමාවේ පියා ලෙස හැදින්වෙන මොහු පුරෝගාමී අවධියේ එක්සත් ජනපදයේ බිහිවූ එකම සාර්ථක සිනමා කරු ලෙස හැදින්වේ.මොහු චලන රූප භාවිතයේත් කතාන්දර කීමේ ක්‍රමය සොයා ගැනීමේ පුරෝගාමියා වේ.චිත්‍රපට කලාවේ මූලික පදනම සංස්කරණය තුළින් ගොඩනැංවිය හැකි බව මුල් වරට ඉදිරිපත් කළේ මොහු විසිනි .එම නිසාම මොහු සංස්කරණයේ පියා ලෙස හැදින්වේ.1873 දී නිර්මාණය කළ The life of an American Finemen නැතහොත් ඇමරිකානු ගිනි නිවන බටයාගේ දින චර්යාව නැමැති චිත්‍රපටය වාර්තා වෘත්තාන්ත චිත්‍රපට ධාරාවේ ආරම්භය සනිටුහන් කරයි.එඩිසන්ගේ චිත්‍රපට ගබඩාවේ තිබූ ගිනි නිවන හමුදාවේ ක්‍රියාකාරකම් ඇතුළත් රූප පෙළක් සොයා ගත් මොහු ඒ ඇසුරෙන් එම චිත්‍රපටය නිර්මාණය කර ඇත .සංස්කරණ රීතිය ඔහු වඩාත් හොදින් බාවිතා කරනු ලැබුවේ 1903 දී නිර්මාණය කළ The Great train robbery මහා දුම්රිය මංකොල්ලය චිත්‍රපටය තුළය.සංස්කරණ රීතීන් මෙන්ම කැමරාවේ ශක්‍යතාවයන් කතාවක් කීම සදහා පළමුවරට සංකලනය කරනු ලැබුවේ මෙම චිත්‍රපටය තුළය.එකම සිදුවීම් දෙකක් සමාන්තර ජේදනය මගින් නිරූපණය කිරීම සමීපා රූපයකට ජේදනය කිරීමෙන් යමක් අවධාරණය කිරීම වැනි සංස්කරණ උපක්‍රම ඔහු සිනමාවට හදුන්වා දී ඇත.මේ ආකාරයට මොහුගෙන් සිනමාවට ලැබුණු දායකත්වය සදහන් කළ හැක.
සිනමාවේ පූර්ව යුගය
ලෝක සිනමාවේ ආරම්භය හා වර්ධනය පිළිබඳ සැලකීමේදී වඩාත් වැදගත් වන්නේ පූර්ව සිනමා යුගය සහ නිහඬ සිනමා යුගයයි.සිනමාවේ ආරම්භය පිළිබඳ හදාරන විට ප්‍රධාන වශයෙන් මූලික සාධක තුනක් පිළිබඳ අවධානය යොමු කල යුතු වේ.
1) නිශ්චල ඡායාරූප ශිල්පයේ වර්ධනය .
2) තාක්‍ෂණයෙන් ගොඩ නංවන ලද දෘශ්‍යමය විනෝද මාධ්‍ය .
3) දෘශ්ඨියේ අඛණ්ඩතාව පිළිබඳ සිද්ධාන්තය ඇසුරෙන් බිහිවූ දෘශ්‍යමය ක්‍රීඩා භාණ්ඩ .
සිනමාවේ තාක්‍ෂණික සහ කලාත්මක පැතිකඩ.
සිනමාවේ කලාත්මක පැතිකඩ .
ශුද්ධ කලාවක් වන සංගීතය , චිත්‍ර ශිල්පය, නර්ථනය සහ ගෘහ නිර්මාණ ශිල්පය වැනි කලා ඝනයට චිත්‍රපට අයත් වේ. සිනමාව වූ කලී ඉතාමත් ගැඹුරින් මනුෂත්වය පිළිබඳ සාකච්ඡා කරන මාධ්‍යක් වේ.මිනිසුන් ආනන්දයෙන් දැනුමට පත් කල හැකි මාධ්‍යයක් ලෙසට සිනමාව හැදින්විය හැක. කලාව හා ව්‍යාපාරය මත තාක්‍ෂයද කලාව හා තාක්‍ෂණය මත ව්‍යාපාරයද ව්‍යාපාරය හා තාක්‍ෂණය මත කලාවද පිහිටයි.
ඒ අනුව අද වන විට සිනමාව ආ ගමන් මග සමග ප්‍රධාන පියවර හතරක් ඔස්සේ වර්ග කල හැක.
i) සිනමාවේ පූර්ව යුගය
ii) නිහඬ සිනමා යුගය
iii) කතානාද යුගය
iv) අධ්‍යතන අවධිය (නූතන යුගය ).
සිනමාවේ තාක්‍ෂණික පැතිකඩ
නූතන ලෝකයේ ජනප්‍රිය කලා මාධ්‍යයක් ලෙස සැලකෙන සිනමාව තාක්‍ෂණය මත පදනම්ව බිහිවූවකි.මුද්‍රිත මාධ්‍ය,සාහිත්‍යය,කෙටිකතා,නර්ථනය,චිත්‍ර කලාව ආදී බොහෝ දේ තාක්‍ෂණය මත පදනම්ව පවතී.සිනමාව වූ කලී කාර්මික උපකරණ මත බිහිවූවක් ලෙස සැලකිය හැක .චිත්‍රපට තිර රචනයේ සිට සංස්කරණය කොට රූ ගත කිරීම මුදා හැරීම තෙක්ම සිදුවන අභ්‍යන්තරික ක්‍රියාවලිය සදහා තාක්‍ෂණය අවශ්‍ය වේ.තාක්‍ෂණයේ දියුණුව සමග වර්තමානය වන විට ඉතා සීඝ්‍රයෙන් තොරතුරු සංප්‍රේෂණය කිරීමේ හැකියාව හේතුවෙන් සිනමාව ඉතා වේගයෙන් දියුණු තත්ත්වයට පත්විය .තවද සිනමාව සතු විශේෂතවය වන්නේ තාක්‍ෂණය මත නව්‍යකරණයට බදුන් වීමයි. මෙහිදී සිනමාව තුළ කැපී පෙනෙන තාක්‍ෂණික වෙනස්කම් අතර පහත සදහන් කරුණු වැදගත් වේ.
* 70 සහ 80 දශක වල මුල් යුගයේදී සිනමා ශාලා වල චිත්‍රපට පෙන්වීම .
* පසුව 90 දශකයේ මැද භාගයේ මැද පෙරදිග ගොස් ලංකාවට පැමිණෙන ශ්‍රමිකයන් වීඩියෝ කැසටි පත්‍ර ගෙන ඒම හරහා ඒ මගින් චිත්‍රපට නැරඹීම .
* 90 දශකයේ අග භාගයේ අන්තර්ජාලය හරහා චිත්‍රපට නැරඹීම .
* පරිගණක ආගමනය VHS හරහා චිත්‍රපට නැරඹීම .
* අනතුරුව VCD පැමිණීමෙන් කොටස් දෙකක් ඔස්සේ චිත්‍රපට නැරඹීම .
* 2005 වසරේ VCD වලට ආදේශක ලෙස DVD පැමිණීම .
* VHS,VCD,DVD තැටි වලින් පසු ත්‍රීවරතාව ඉහළ සහ රූප ත්‍රීවරතාව වැඩි Blure මාධ්‍ය පැමිණීම .
* පසුව DVD සහ Blure මාධ්‍ය ඉතා ජනප්‍රිය වීම.
* ඩිජිටල් තාක්‍ෂණය ඔස්සේ Diglog tv , Peotv හරහා චිත්‍රපට නැරඹීම .
* අනතුරුව ජංගම දුරකථනය මගින් ඍජුවම අන්තර්ජාලයට සම්බන්ධව චිත්‍රපට නැරඹීම.
සිනමාව කර්මාන්තයක් ලෙස වැදගත් වීම .
සිනමාවේ පුනරාගමනය එය කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනයට මූලික අඩිතාලම විය.සෑම ආකාරයටම සිනමාව තුළින් මුදලක් ලබා ගත හැකි වීම නිසා ලෝකයේ වර්තමානය වන විට සිනමාව කර්මාන්තයක් වශයෙන් ප්‍රචලිත වී ඇත.
ඒ අනුව සිනමාව හරහා වර්තමානය වන විට ඉහළ ලාභයක් උපයනු ලබයි.මේ ආකාරයට බලන කල සිනමාව කර්මාන්තයක් ලෙස වැදගත් වේ.
සිනමා ඉතිහාසය ( History of cinema)
ලෝකයේ බිහිවුණු ලබාලතම ලලිත
කලාව ලෙස සිනමාව හදුන්වනු ලැබේ. චිත්‍රපට ඉතිහාසය ගැන කතා කිරීමේදී 19 වන
සියවසේ සිට 21 වන සියවස ආරම්භය දක්වා අවුරුදු ගණනාවක් පුරාවට විහිද
යයි.චිත්‍රපට කලාව සංනිවේදනය තුළ ඉතාම වැදගත් මාතෘකාවක් ලෙසට හදුන්වා
දිය හැක. ඒ මන්ද කිවහොත් ඕනෑම චිත්‍රපටයක දේශපාලනය,සමාජය,තාක්‍ෂණය
යන ඒකක ගැබ්ව පවතින නිසාවෙනි. ලෝක චිත්‍රපට කලාවේ ස්ථිරවම සදහන් කල හැකි මුල්ම
චිත්‍රපටය වන්නේ ලුවිස්. ලී . ප්‍රින්ස් විසින් 1888
ඔක්තෝබර් 14 වන දින එංගලන්තයේ බටහිර යෝක්ෂයර්හි ලීඩ්ස් රවුන්ඩ් ප්‍රදේශයේ
පටිගත කරන ලද Roundhoy Garden Scene නම් දර්ශනයයි.එය ලෝකයේ
බිහිවූ මුල්ම චිත්‍රපටය ලෙස තව දුරටත් සාක්ෂි මගින් හෙළිදරව් වී ඇත.එමෙන්ම 1895.12.18 දින පැරීසියේ
ලුවී ලුවියර් සහ ඔගස්ටේ ලුවියර් යන දෙදෙනා විසින් Arrival of a Train at
Location (1896) යන කාලය තුළදී විනාඩි දෙකකින් යුක්ත චිත්‍රපටය ක් ප්‍රදර්ශනය
කර ඇත.මෙයද ලෝක සිනමාවේ කැපී පෙනෙන ප්‍රබල සිවුවීමකි.
මෙයද ලෝක සිනමාවේ කැපී පෙනෙන ප්‍රබල සිවුවීමකි.එඩ්වින්.එස්.පෝටර්, ඩබ්ලිව් ග්‍රිපිත්, ඒ .එම් අයිස්ටයින් යන පුද්ගලයන් ලෝක සිනමාවේ ආරම්භක පුරෝගාමීන් වේ.මෙලෙස ඇරඹි සිනමාව අද වන විට ලෝකයේ සෑම රටකම ව්‍යාප්තව ඇත.ලාංකීය ඉතිහාසය පිළිබඳ සදහන් කිරීමේදී ලාංකීය සිනමාව ආරම්භ වූයේ බ්‍රිතාන්‍ය පාලන සමයේදීය. නමුත් 19 වන සියවසේදී පැවති විදේශ සබඳතා හේතුවෙන් බ්‍රිතාන්‍ය පාලකයන් ඉවත් වී ලංකාව තුළ යටිතල පහසුකම් කොළඹ නගරය කේන්ද්‍ර කොට ගනිමින් පැවතිණි.මේ හේතුව නිසා ලංකාවේ සිනමා ව්‍යාපාරය කොළඹ නගරය කේන්ද්‍ර කොට ගනිමින් ඇරඹිණ. නාට්‍ය කලාව මූලික කර ගනිමින් ඇරඹි සිනමාව වර්තමානය වන විට දෙස් විදෙස් සියලු ප්‍රේක්ෂකයන්ගේ ප්‍රණාමයට බදුන් වී ඇත.මූලික වශයෙන් ගත් කල විනෝදාස්වාදය පදනම් කර ගනිමින් සමස්ත සමාජයට යම් ආදර්ශයක් සැපයීමේ අරමුණින් මුල්ම සිනමාව ආරමභ වූ නමුත් පසුව එය මහා පරිමාණ කර්මාන්තයක් බවට පත්විය. ඒ අනුව සිනමාව එක් පැත්තකින් කලාවකි.තවත් අතකින් බැලූ කල තාක්‍ෂණයකි.එසේම සිනමාව ව්‍යාපාරයකි.මේ ත්‍රිත්වයේම එකතුවක් ලෙසට සිනමාව නිර්මාණය වී ඇත.
රේඛාව සිනමා නිර්මාණය . ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු රේඛාව සිනමා පටය ස්වභාවික දර්ශන තලවල ර...