My Blog List

Tuesday 27 June 2023

 


නිහඬ සිනමාව තුළ කැපී පෙනෙන පුද්ගලයන් .



ජෝර්ජ් මේලීස්






ප්‍රංශ ජාතික ජෝර්ජ් මේලීස් චිත්‍ර ශිල්පියෙකි.මොහු කාටූන් ශිල්පියෙක් සහ කාර්මික ශිල්පියෙකු ලෙසද කටයුතු කර ඇත .සිනමාවට මැජික් ශිල්පය හදුන්වා දෙන්නේ මොහු විසිනි.තවද මොහු චලන කැමරාවක් නිපදවා රොබ්ට් පෝල්ගේ ප්‍රක්ශේපන යන්ත්‍රය මිලදී ගෙන චිත්‍රපට නිර්මාණය සහ ප්‍රදර්ශනය සිදු කර ඇත .1898- 1913 දක්වා කාලය තුළ චිත්‍රපට 500 කට අධික ප්‍රමාණයක් මොහු විසින් නිර්මාණය කර ඇත .මීට අමතරව මොහු චිත්‍රපට වල කතා ලිවීම දර්ශන තල සකස් කිරීම ,දර්ශන රූප ගත කිරීම ,එහි ප්‍රධාන චරිත නිරූපණය ,අධ්‍යක්ෂණය කිරීම ,නිශපාදනය කිරීම මොහු විසින්ම සිදු කර ඇත  මේ නිසාම සිනමාවේ ප්‍රථම තත්‍ය සිනමාකරු ලෙස හැදින්වේ .ඔහුගේ චිත්‍රපට මාධ්‍යට ලැබුණු ප්‍රධානතම  දායකත්වය වන්නේ උපක්‍රමශීලී රූ ගත කිරීම් විලාශයයි.කඩින් කඩ චලන මූලධර්මය හෙවත්  ස්ටෝප් ඇක්ෂන් මූලධර්මය මොහු විසින් සිනමාවට හදුන්වා දෙන ලදී.කැමරාව හා ක්‍රියාව නතර කර දර්ශනයට අලුතින් යමක් එකතු කර හෝ ඉවත් කර නැවත කැමරාව හා ක්‍රියාව ඇරඹීමෙන් වස්තූන් පරිවර්තනය හා අතුරුදන් කිරීම කල හැකි බව එම මූලධර්මය මගින් අවබෝධ කර ගන්නා ලදී.එනම් වරක් එළිමහන් රූපගත කිරීමකදී කැමරාවේ දෝශයක් නිසා එය මදකට නවතා පසුව නැවත රූ ගත කිරීමෙන් පසුව අදාළ දර්ශනය නැරඹීමේදී පසු තලයේදී ගමන් ගත් රථයක් එක් වරම අවමංගල්‍ය රථයක් ලෙස දිසිවීමක් සමග මෙම මූලධර්මය සොය ගන්නා ලදී.මෙම මූලධර්මය පසුකාලීනව සිනමාවේ ප්‍රමුඛ සිද්ධාන්තයක් බවට පත් විය .1897 දී තමාගේ චිත්‍රාගරයක් නිර්මාණය කල මොහු සිනමාවට අවශ්‍ය විශේෂ ක්‍රම ශිල්ප වර්ධනය කළේය .මේ ආකාරයට මොහුගෙන් සිනමාවට ලැබුණ දායකත්වය අගනේය.



එඩ්වින් එස් . පෝටර්






ගොපලු සිනමාවේ පියා ලෙස හැදින්වෙන මොහු පුරෝගාමී අවධියේ එක්සත් ජනපදයේ බිහිවූ එකම සාර්ථක සිනමා කරු ලෙස හැදින්වේ.මොහු චලන රූප භාවිතයේත් කතාන්දර කීමේ ක්‍රමය සොයා ගැනීමේ පුරෝගාමියා වේ.චිත්‍රපට කලාවේ මූලික පදනම සංස්කරණය තුළින් ගොඩනැංවිය හැකි බව මුල් වරට ඉදිරිපත් කළේ මොහු විසිනි .එම නිසාම මොහු සංස්කරණයේ පියා ලෙස හැදින්වේ.1873 දී නිර්මාණය කළ The life of an American Finemen නැතහොත් ඇමරිකානු ගිනි නිවන බටයාගේ දින චර්යාව නැමැති චිත්‍රපටය වාර්තා වෘත්තාන්ත චිත්‍රපට ධාරාවේ ආරම්භය සනිටුහන් කරයි.එඩිසන්ගේ චිත්‍රපට ගබඩාවේ තිබූ ගිනි නිවන හමුදාවේ ක්‍රියාකාරකම් ඇතුළත් රූප පෙළක් සොයා ගත් මොහු ඒ ඇසුරෙන් එම චිත්‍රපටය නිර්මාණය කර ඇත .සංස්කරණ රීතිය ඔහු වඩාත් හොදින් බාවිතා කරනු ලැබුවේ 1903 දී නිර්මාණය කළ The Great train robbery මහා දුම්රිය මංකොල්ලය චිත්‍රපටය තුළය.සංස්කරණ රීතීන් මෙන්ම කැමරාවේ ශක්‍යතාවයන් කතාවක් කීම සදහා පළමුවරට සංකලනය කරනු ලැබුවේ මෙම චිත්‍රපටය තුළය.එකම සිදුවීම් දෙකක් සමාන්තර ජේදනය මගින් නිරූපණය කිරීම සමීපා රූපයකට ජේදනය කිරීමෙන් යමක් අවධාරණය කිරීම වැනි සංස්කරණ උපක්‍රම ඔහු සිනමාවට හදුන්වා දී ඇත.මේ ආකාරයට මොහුගෙන් සිනමාවට ලැබුණු දායකත්වය සදහන් කළ හැක.



ඩේවිඩ් වෝග් ග්‍රිෆිත් 









චලන රූප ගත කිරීම හා ප්‍රක්ශේපනය පිළිබඳ පර්‍යේක්ෂණ වලින් සමන්විත පුරෝගාමි අවධිය අවස්නව චිත්‍රපට කලා මාධ්‍යයක් ලෙස වැඩෙන්නට පටන් ගත්තේ ඩේවිඩ් වෝග් ග්‍රිපිත් සමගය. චිත්‍රපට භාෂාව පිළිබඳ මූලික සිද්ධාන්ත රාශියක් සොයා ගැනීම හා වර්ධනය කිරීමත් චිත්‍රපටයේ ප්‍රකාශන ශක්තිය වැඩි කිරීම උදෙසා එය භාවිතා කිරීමත් නිසා ඔහු චිත්‍ර කලාවේ පියා ලෙසද හදුන්වනු ලබයි.සිනමාවේ ප්‍රථම කලාකරුවා සිනමාවේ බුද්ධිමතා සිනමාවේ කවියා සිනමාවේ ඍෂි වරයා ලෙස හදුන්වනු ලබයි.මොහුගේ අදහස චිත්‍රපට යනු හුදෙක් කතන්දර පමණක් ප්‍රකාශ කරන මාධ්‍යයක් නොව ජීවිතය හා සමාජය පිළිබඳ ගැඹුරින් අර්ථ සම්පාදනය කරන ලලිත කලාවක් බව ඔහුගේ අදහසයි.ඔහු සෑමවිටම ප්‍රකාශ කරන ලද්දේ " මට අවශ්‍ය ඔබ ලබා බැලවීමටයි ". යන්නයි. නාට්‍ය රචකයෙකු ලෙස කලාවට පිවිසෙන මොහු පසුව දර්ශන රචකයෙකු ලෙස එඩිසන්ගේ චිත්‍රපට සමාගමට බැදේ.1908 කතා රචකයෙකු හා අධ්‍යක්ෂකවරයෙකු ලෙස Bio Graph සමාගම බැදුණු මොහු 1908-1914 කාලයේ චිත්‍රපට 500කට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කළේය . මොහුගේ අදහස වූයේ චිත්‍රපටයක පදනම දර්ශනය නොව තනි රූපය බවයි.දුර රූප, මධ්‍යම රූප, සමීප රූප ලෙස රූප වර්ග කළ ඔහු කැමරා චලනය රූපයට විවිධ අර්ථ ලබා දුන්නේය .ඩේවිඩ් වෝග් ග්‍රිපිත් නිර්මාණය කළ චිත්‍රපට අතර වඩාත් විශිෂ්ඨතම චිත්‍රපටය වන්නේ The Birth of a Nation නැතහොත් ජාතියක උපත සිනමා පටයයි 1915 දී නිර්මාණය කරන ලද මෙමෙ චිත්‍රපටය පැය තුනකට අධික ධාවන කාලයකින් යුක්ත වේ .මේ ආකාරයට මොහුගෙන් සිනමාවට ලැබුණ දායකත්වය දැක්විය හැක.


Saturday 24 June 2023

සිනමාවේ පූර්ව යුගය

 


සිනමාවේ පූර්ව යුගය 






ලෝක සිනමාවේ ආරම්භය හා වර්ධනය පිළිබඳ සැලකීමේදී වඩාත් වැදගත් වන්නේ පූර්ව සිනමා යුගය සහ නිහඬ සිනමා යුගයයි.සිනමාවේ ආරම්භය පිළිබඳ හදාරන විට ප්‍රධාන වශයෙන් මූලික සාධක තුනක් පිළිබඳ අවධානය යොමු කල යුතු වේ.


1)  නිශ්චල ඡායාරූප ශිල්පයේ වර්ධනය .

2)  තාක්‍ෂණයෙන් ගොඩ නංවන ලද දෘශ්‍යමය විනෝද මාධ්‍ය .

3)  දෘශ්ඨියේ අඛණ්ඩතාව පිළිබඳ සිද්ධාන්තය ඇසුරෙන් බිහිවූ දෘශ්‍යමය ක්‍රීඩා භාණ්ඩ .

    
  නිශ්චල ඡායාරූප ශිල්පයේ වර්ධනය 

සිනමා ආරම්භය කෙරෙහි බලපෑ සාධක අතරින් එක් ප්‍රධාන සාධකයක් වන්නේ නිසල රූප රාමු කලාවයි .සූර්යයා ලෝකය හා ඡායා පතිත වීම පිළිබඳ සොය ගැනීම් රැසක් සොයා ගැනීම පිළිබඳ ගෞරවය ඇරිස්ටෝටල් පඩිවරයාට හිමි වේ.තවද ඉයුක් ලීඩ් නම් විද්වතා ලෝකය සරල රේඛීය මාර්ගයක ගමන් ගන්නා බව හෙළි දරව් කර ඇත .ඉන් අනතුරුව අල් හසන් නැමැති අරාබි ජතික විද්වතා කාමරයක් තුළට කුඩා සිදුරකින් පතිත වන  ආලෝක සෙවනැල්ල උඩු යටි කුරු වී පතිත වීම පිළිබඳ අධ්‍යනය කර තිබේ.

                                           ක්‍රි.ව 1267 පමණ වන විට  රොජර් බේකන් නැමැති පූජකවරයා විසින් අදුරු කාමරයක් තුළට සිදුරක් තුළින් පතිත වන ආලෝක සෙවනැල්ල සහ එයින් මැවෙන ප්‍රතිබිම්බ පිළිබඳ අධ්‍යනය කර තිබේ.නූතන කැමරාවේ ආදි මුතුන් මිත්තා වන කැමරා ඔබ්සිකියුරාව බිහි වීම කැපී පෙනේ.16 වන සියවසේ ලියනාඩෝ ඩාවින්චි විසින් කැමර ඔබ්සිකියුරාව ඇසුරෙන් සිතුවම් ඇදීම පිළිබඳ අධ්‍යනය කර ඇත.ඔහුගේ භාවිතය වූයේ අල්පෙනෙති සිදුරක් තරම් ගලා එන ආලෝකයෙන් ලැබෙන ප්‍රතිබිම්බ ඇසුරෙන් රූප ඇදීමයි.ක්‍රි.ව.1550 පමණ වන විට කර්ඩානනෝ නම් පර්‍යේක්ෂකයා අල්පෙනෙති සිදුරක් තරම් සිහින් සිදුරකට කාචයක් යොදා පැහැදිලි රූප යොදා ගත හැකි පරිදි එය සංවර්ධනය කර තිබේ.පසු කාලීනව තව දුරටත් කැමරා ඔබ්සිකියුරාව වර්ධනය වී තිබේ.1694 දී රොබට් හුක් විසින් නිර්මාණය කල කැමරා ලුසිඩාව පෙන්වා දිය හැක.මේ ආකාරයට ලෝකයේ කැමරාව නැමැති තාක්‍ෂණික උපකරණය ක්‍රමානුකූලව වර්ධනය වී ඇත.

කැමරාවක් වර්ධනය වී පැවතියද රූප ඉබේ සටහන් වන ක්‍රමයක් එතෙක් නිර්මාණය කර නොතිබුණි .ඉහත දක්වන ලද සොයා ගැනීම් ඡායාරූපයක් වීමට තරම් ප්‍රමාණවත් සාධක ඒ තුළ නොවීය .ඒ සියල්ල චිත්‍ර ශිල්පය ඇදීම සදහා උපකාර වූ ක්‍රමයකි.ඡායාරූපයක් වීමට නම් තිබිය යුතු ප්‍රධාන සිද්ධාන්ත දෙකක් ලෙස ආලෝකයක් හරහා රූපයක් සටහන් කර ගැනීම ඒ සටහන් කර ගත් රූපය කොහේ හෝ තැනක තැන්පත් කර ගැනීමයි.ඒ අනුව 1826 දී ප්‍රංශ ජාතික ජෝශප් විසින් ආලේපයක් තැවරූ වීදුරු ඵලකයක් යොදා ගනිමින් රූපය ඇදීම වෙනුවට එය ඵලකයේ රදවා තබා ගැනීමට හැකියාව ලබා ගන්නා ලදී.මෙය හේලියෝ ග්‍රැෆි නැතහොත් හිරු එළියේ ඇදීම යනුවෙන් හදුන්වා ඇත .1839 දී ඩැගියුරේ විසින් වීදුරු ඵලකයක පින්තූර සටහන් කර ගැනීම වෙනුවට රසායන ද්‍රව්‍ය ඇතිරූ තහඩු මත රූප සටහන් කර ගැනීමේ ක්‍රමයක්ද හදුන්වා දුන් අතර එය ඩැගියුරේ ටයිප් යනුවෙන් හදුන්වා දී තිබේ.ලෝකයේ ප්‍රථම ගුණාත්මක ඡායාරූපය වන පාලු මාවතක ගසක් යට සපත්තු මදින්නෙකුගේ ඡායාරූපය ගනු ලබන්නේද ඩැගියුරේ විසින්ය.1854 දී ඇමරිකානු ජාතික ජෝර්ජ් ඊස්ට්මන් විසින් සැහැල්ලු සෙලියුඩොයිට් පටලය නිර්මාණය කර ඇත .මෙලෙස බිහි වන නිසල රූප රාමු කලාව පසුව බිහි වන සිනමාවට මූලික පදනම සපයනු ලබයි.

                                     
  තාක්‍ෂණයෙන් ගොඩනංවන ලද විනෝද ඡායාරූප 

අනාදිමත් කාලයක සිට රූප රාමු වෙනුවට තම සෙවනැල්ල හරහා එහා මෙහා චලනය කිරීමේදී ඇතිවන අපූර්වත්වය පිළිබඳ සෙවීමට මිනිස් මනස පොළොඹවන ලදී.කුතුහලයට බදුන් වූ සෙවනැලි පිළිබඳ හා සෙවනැල්ල චලනයේදී ඇතිවන අපූර්වත්වය 11 වන සහ 12 වන සියවස වන විට අතහදා බැලීම හා සොයා ගැනීම් රැසකට මුල පුරා තිබිණි.ආලෝකය ලැබෙන පහනක් ඉදිරියේ දෑත් එක්කර ඇගිලි චලනය කරමින් විවිධ සත්වයන්ගේ හැඩරුව සහ මිනිස් රූප මැවීම බලා සිටීමට ප්‍රිය උපදවන කලාව බවට පත් විය.සෙවනැලි රූපරාමු කර ගැනීමේ කලාවේ වැදගතම අවස්ථාව වන්නේ මැජික් ලැන්තෑරුම නැමැති සවනැලි රූප නැරඹීමේ උපකරණය බිහිවිය .17 වන සියවසේ බිහිවූ මැජික් ලන්තෑරුම මගින් අදින ලද රූපයක් බිත්තිය මතට පතිත කිරීමට සමත් විය.මැජික් ලන්තෑරුම යනු සිනමාව බිහි කිරීමට පෙර පූර්ව අවධියේ මුලින්ම ප්‍රක්ශේපනය හදුනා ගත් අවස්ථාවක් ලෙස දැක්විය හැක.පළමු වරට 1644 ජරමානු ජාතික පූජකවරයෙකු වූ ඇතනේසියන් පියතුමා විසින් මැජික් ලැන්තෑරුමේ දර්ශනයක් රෝමයේදී පවත්වා තිබේ.17 වන සියවස අග භාගය වන විට මැජික් ලන්තෑරුම තව දුරටත් දියුණු කිරීමට බොහෝ පර්‍යේක්ෂකයන් උත්සාහ ගෙන ඇත.18 වන සියවස වන විට මැජික් ලැන්තෑරුම ප්‍රංශය වැනි රටවල භාවිතයට ගෙන ඇත්තේ ප්‍රේක්ෂකයන් හට භූතයින් අවතාර පෙන්වීමටය.මෙලෙස බිහි වන මැජික් ලැන්තෑරුම සිනමාවේ රූප චලනය කිරීමේ සහ ප්‍රක්ශේපනය කිරීමේ සිද්ධාන්තය ලෙස මග පෙන්වමින් එයට දායකත්වය දක්වනු ලැබීය.


              දෘෂ්ඨියේ අඛණ්ඩතාව පිළිබඳ සිද්ධාන්තය 

මෙය පීටර් මාර්ක් රොජේ විසින් ඉදිරිපත් කරන ලද්දකි.අප යම් වස්තුවක් දෙස යම් කිසි වෙලාවක් බලා සිටි පසු එම වස්තුවෙන් ඇස ඉවතට ගෙන වෙනත් වස්තුවක් දෙසට අපේ ඇස් යොමු කල විට අප විසින් මුලින් බලා සිටි තප්පරයෙන් දහයෙන් එකක වැනි කුඩා ප්‍රමාණයක් තරම් කාලයක් එම වස්තුව අපේ මතකයේ රැදී අපට දිස්වේ.මෙලෙස රූප රාමු දෙකක් අතර ඇස මාරු වන විට මෙය තුළ පවතින අඛණ්ඩතාව දෘෂ්ඨියේ අඛණ්ඩතාව ලෙස හදුන්වනු ලැබේ







Thursday 15 June 2023

සිනමාවේ තාක්‍ෂණික සහ කලාත්මක පැතිකඩ.

                                                    


          සිනමාවේ තාක්‍ෂණික සහ කලාත්මක පැතිකඩ.


සිනමාවේ කලාත්මක පැතිකඩ .




ශුද්ධ කලාවක් වන සංගීතය , චිත්‍ර ශිල්පය, නර්ථනය සහ ගෘහ නිර්මාණ ශිල්පය වැනි කලා ඝනයට චිත්‍රපට අයත් වේ. සිනමාව වූ කලී ඉතාමත් ගැඹුරින් මනුෂත්වය පිළිබඳ සාකච්ඡා කරන මාධ්‍යක් වේ.මිනිසුන් ආනන්දයෙන්   දැනුමට පත් කල හැකි මාධ්‍යයක් ලෙසට සිනමාව හැදින්විය හැක. කලාව හා ව්‍යාපාරය මත තාක්‍ෂයද කලාව හා තාක්‍ෂණය මත ව්‍යාපාරයද ව්‍යාපාරය හා තාක්‍ෂණය මත කලාවද පිහිටයි.

ඒ අනුව අද වන විට සිනමාව ආ ගමන් මග සමග ප්‍රධාන පියවර හතරක් ඔස්සේ වර්ග කල හැක.


         i) සිනමාවේ පූර්ව යුගය 

      ii) නිහඬ සිනමා යුගය 

iii) කතානාද යුගය 

                          iv) අධ්‍යතන අවධිය (නූතන යුගය ).

සිනමාවේ තාක්‍ෂණික පැතිකඩ 





නූතන ලෝකයේ ජනප්‍රිය කලා මාධ්‍යයක් ලෙස සැලකෙන සිනමාව තාක්‍ෂණය මත පදනම්ව බිහිවූවකි.මුද්‍රිත මාධ්‍ය,සාහිත්‍යය,කෙටිකතා,නර්ථනය,චිත්‍ර කලාව ආදී බොහෝ දේ තාක්‍ෂණය මත පදනම්ව පවතී.සිනමාව වූ කලී කාර්මික උපකරණ මත බිහිවූවක් ලෙස සැලකිය හැක .චිත්‍රපට තිර රචනයේ සිට සංස්කරණය කොට රූ ගත කිරීම මුදා හැරීම තෙක්ම සිදුවන අභ්‍යන්තරික ක්‍රියාවලිය සදහා තාක්‍ෂණය අවශ්‍ය වේ.තාක්‍ෂණයේ දියුණුව සමග වර්තමානය වන විට ඉතා සීඝ්‍රයෙන් තොරතුරු සංප්‍රේෂණය කිරීමේ හැකියාව හේතුවෙන් සිනමාව ඉතා වේගයෙන් දියුණු තත්ත්වයට පත්විය .තවද සිනමාව සතු විශේෂතවය වන්නේ තාක්‍ෂණය මත නව්‍යකරණයට බදුන් වීමයි. මෙහිදී සිනමාව තුළ කැපී පෙනෙන තාක්‍ෂණික වෙනස්කම් අතර පහත සදහන් කරුණු වැදගත් වේ.


* 70 සහ 80 දශක වල මුල්‍ යුගයේදී සිනමා ශාලා වල චිත්‍රපට පෙන්වීම .


* පසුව 90 දශකයේ මැද භාගයේ මැද පෙරදිග ගොස් ලංකාවට පැමිණෙන ශ්‍රමිකයන් වීඩියෝ කැසටි පත්‍ර ගෙන ඒම හරහා ඒ මගින් චිත්‍රපට නැරඹීම .


* 90 දශකයේ අග භාගයේ අන්තර්ජාලය හරහා චිත්‍රපට නැරඹීම .


* පරිගණක ආගමනය VHS හරහා චිත්‍රපට නැරඹීම .


* අනතුරුව VCD පැමිණීමෙන් කොටස් දෙකක් ඔස්සේ චිත්‍රපට නැරඹීම .


* 2005 වසරේ VCD වලට ආදේශක ලෙස DVD පැමිණීම .


* VHS,VCD,DVD තැටි වලින් පසු ත්‍රීවරතාව ඉහළ සහ රූප ත්‍රීවරතාව වැඩි Blure මාධ්‍ය පැමිණීම .


* පසුව DVD සහ Blure මාධ්‍ය ඉතා ජනප්‍රිය වීම.


* ඩිජිටල් තාක්‍ෂණය ඔස්සේ Diglog tv , Peotv හරහා චිත්‍රපට නැරඹීම .


* අනතුරුව ජංගම දුරකථනය මගින් ඍජුවම අන්තර්ජාලයට සම්බන්ධව චිත්‍රපට නැරඹීම.



සිනමාව කර්මාන්තයක් ලෙස වැදගත් වීම .


සිනමාවේ පුනරාගමනය එය කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනයට මූලික අඩිතාලම විය.සෑම ආකාරයටම සිනමාව තුළින් මුදලක් ලබා ගත හැකි වීම නිසා ලෝකයේ වර්තමානය වන විට සිනමාව කර්මාන්තයක් වශයෙන් ප්‍රචලිත වී ඇත. 

  • 1895 සිට 2021 දක්වා වූ වසර කිහිපය තුළ සිනමාව ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පවතින මාධ්‍යක් වේ. 

  • 90 දශකයේ ඇමරිකාව තුළ තුන්වන ආර්ථික නිෂ්පාදනය බවට සිනමාව පත් විය.


  • 1994 තිරගත වූ ටයිටැනික් චිත්‍රපටය නැරඹූ ප්‍රෙක්ෂ්ක සංඛ්‍යාව වර්තමානය වන විට ක්‍රමයෙන් වැඩි වීම.


  • ජේම්ස් කැමරන්ගේ ඇවටර් චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට ගිය මුදල ලංකාවේ වික්ටෝරියා ව්‍යාපෘතිය සදහා ගිය පිරිවැයටත් වඩා වැඩිය.


ඒ අනුව සිනමාව හරහා වර්තමානය වන විට ඉහළ ලාභයක් උපයනු ලබයි.මේ ආකාරයට බලන කල සිනමාව කර්මාන්තයක් ලෙස වැදගත් වේ.

Saturday 10 June 2023

සිනමා ඉතිහාසය ( History of cinema)

       


 සිනමා ඉතිහාසය    ( History of cinema)




  ලෝකයේ බිහිවුණු ලබාලතම ලලිත කලාව ලෙස සිනමාව හදුන්වනු ලැබේ. චිත්‍රපට ඉතිහාසය ගැන කතා කිරීමේදී 19 වන සියවසේ සිට 21 වන සියවස ආරම්භය දක්වා අවුරුදු ගණනාවක් පුරාවට විහිද යයි.චිත්‍රපට  කලාව සංනිවේදනය තුළ ඉතාම වැදගත් මාතෘකාවක් ලෙසට හදුන්වා දිය හැක. ඒ මන්ද කිවහොත් ඕනෑම චිත්‍රපටයක දේශපාලනය,සමාජය,තාක්‍ෂණය යන ඒකක ගැබ්ව පවතින නිසාවෙනි. ලෝක චිත්‍රපට කලාවේ ස්ථිරවම සදහන් කල හැකි මුල්ම චිත්‍රපටය වන්නේ ලුවිස්. ලී . ප්‍රින්ස් විසින් 1888 ඔක්තෝබර් 14 වන දින එංගලන්තයේ බටහිර යෝක්ෂයර්හි ලීඩ්ස් රවුන්ඩ් ප්‍රදේශයේ පටිගත කරන ලද Roundhoy Garden Scene නම් දර්ශනයයි.එය ලෝකයේ බිහිවූ මුල්ම චිත්‍රපටය ලෙස තව දුරටත් සාක්ෂි මගින් හෙළිදරව් වී ඇත.එමෙන්ම 1895.12.18 දින පැරීසියේ ලුවී ලුවියර් සහ ඔගස්ටේ ලුවියර් යන දෙදෙනා විසින් Arrival of a Train at Location (1896) යන කාලය තුළදී විනාඩි දෙකකින් යුක්ත චිත්‍රපටය ක් ප්‍රදර්ශනය කර ඇත.මෙයද ලෝක සිනමාවේ කැපී පෙනෙන ප්‍රබල සිවුවීමකිඑඩ්වින්.එස්.පෝටර්, ඩබ්ලිව් ග්‍රිපිත්, ඒ .එම් අයිස්ටයින් යන පුද්ගලයන් ලෝක සිනමාවේ ආරම්භක පුරෝගාමීන් වේ.මෙලෙස ඇරඹි සිනමාව අද වන විට ලෝකයේ සෑම රටකම ව්‍යාප්තව ඇත.ලෝක චිත්‍රපට කලාවේ ස්ථිරවම සදහන් කල හැකි මුල්ම චිත්‍රපටය වන්නේ ලුවිස්. ලී . ප්‍රින්ස් විසින් 1888 ඔක්තෝබර් 14 වන දින එංගලන්තයේ බටහිර යෝක්ෂයර්හි ලීඩ්ස් රවුන්ඩ් ප්‍රදේශයේ පටිගත කරන ලද Roundhoy Garden Scene නම් දර්ශනයයි.එය ලෝකයේ බිහිවූ මුල්ම චිත්‍රපටය ලෙස තව දුරටත් සාක්ෂි මගින් හෙළිදරව් වී ඇත .එමෙන්ම 1895.12.18 දින පැරීසියේ ලුවී ලුවියර් සහ ඔගස්ටේ ලුවියර් යන දෙදෙනා විසින් Arrival of a Train at Location (1896) යන කාලය තුළදී විනාඩි දෙකකින් යුක්ත චිත්‍රපටයක් ප්‍රදර්ශනය කර ඇත.

                  


මෙයද ලෝක සිනමාවේ කැපී පෙනෙන ප්‍රබල සිවුවීමකි.එඩ්වින්.එස්.පෝටර්, ඩබ්ලිව් ග්‍රිපිත්, ඒ .එම් අයිස්ටයින් යන පුද්ගලයන් ලෝක සිනමාවේ ආරම්භක පුරෝගාමීන් වේ.මෙලෙස ඇරඹි සිනමාව අද වන විට ලෝකයේ සෑම රටකම ව්‍යාප්තව ඇත.ලාංකීය ඉතිහාසය පිළිබඳ සදහන් කිරීමේදී ලාංකීය සිනමාව ආරම්භ වූයේ බ්‍රිතාන්‍ය පාලන සමයේදීය. නමුත් 19 වන සියවසේදී පැවති විදේශ සබඳතා හේතුවෙන් බ්‍රිතාන්‍ය පාලකයන් ඉවත් වී ලංකාව තුළ යටිතල පහසුකම් කොළඹ නගරය කේන්ද්‍ර කොට ගනිමින් පැවතිණි.මේ හේතුව නිසා ලංකාවේ සිනමා ව්‍යාපාරය කොළඹ නගරය කේන්ද්‍ර කොට ගනිමින් ඇරඹිණ. නාට්‍ය කලාව මූලික කර ගනිමින් ඇරඹි සිනමාව වර්තමානය වන විට දෙස් විදෙස් සියලු ප්‍රේක්ෂකයන්ගේ ප්‍රණාමයට බදුන් වී ඇත.මූලික වශයෙන් ගත් කල විනෝදාස්වාදය පදනම් කර ගනිමින් සමස්ත සමාජයට යම් ආදර්ශයක් සැපයීමේ අරමුණින් මුල්ම සිනමාව ආරමභ වූ නමුත් පසුව එය මහා පරිමාණ කර්මාන්තයක් බවට පත්විය. ඒ අනුව සිනමාව එක් පැත්තකින් කලාවකි.තවත් අතකින් බැලූ කල තාක්‍ෂණයකි.එසේම සිනමාව ව්‍යාපාරයකි.මේ ත්‍රිත්වයේම එකතුවක් ලෙසට සිනමාව නිර්මාණය වී ඇත.

Thursday 1 June 2023



සිනමාව යන්න හදුන්වාදීම



                  නූතන ජනමාධ්‍යයන් අතරින් වඩාත් ප්‍රබල ජනමාධ්‍යයක් ලෙස සිනමාව හදුන්වා දිය හැක .එක් අත්කින් බලූ කල සිනමාව කලාවකි.තවත් අතකින් බැලූ කල සිනමාව යනු කර්මාන්තයකි.එමෙන්ම සිනමාව කලාවක් ලෙසට විග්‍රහ කරනු ලබන්නේ සමාජය සහ සමාජයේ සිදුවීම් කාලාත්මකව හා සෞන්දර්යාත්මක ලෙස විවරණය කරන බැවිනි .සිනමාව කර්මාන්තයක් ලෙසට විග්‍රහ කරනු ලබන්නේ ඒ ආශ්‍රිතව ලක්ෂ සංඛ්‍යාත වෘර්තිකයන් බිහිවී සිටීම සහ සිනමාව ලෝකයේ ප්‍රධාන ආදයම් මාර්ගයක් බැවිණි.එමෙන්ම රූපසටහන් කර ගැනීමේ හා ප්‍රක්ශේපනය කර ගැනීමේ කාර්මික සොයා ගැනීම් මත පදනම් වෙමින් මනුෂ්‍ය ජීවිතයේ අත්දැකීම් විනෝදාත්මක ස්වරූපයෙන් ප්‍රකාශ කිරීමේ ශක්තිය නිසා සිනමාව මහජනයාගේ ප්‍රධාන විනෝදාත්මක මාධ්‍යයක් බවට පත් විය. නූතන ජනමාධ්‍යයන් අතරින් වඩාත් ප්‍රබල ජනමාධ්‍යයක් ලෙස සිනමාව හදුන්වා දිය හැක. 

එක් අත්කින් බලූ කල සිනමාව කලාවකි.තවත් අතකින් බැලූ කල සිනමාව යනු කර්මාන්තයකි.එමෙන්ම සිනමාව කලාවක් ලෙසට විග්‍රහ කරනු ලබන්නේ සමාජය සහ සමාජයේ සිදුවීම් කාලාත්මකව හා සෞන්දර්යාත්මක ලෙස විවරණය කරන බැවිනි .සිනමාව කර්මාන්තයක් ලෙසට විග්‍රහ කරනු ලබන්නේ ඒ ආශ්‍රිතව ලක්ෂ සංඛ්‍යාත වෘර්තිකයන් බිහිවී සිටීම සහ සිනමාව ලෝකයේ ප්‍රධාන ආදයම් මාර්ගයක් බැවිණි. එමෙන්ම රූපසටහන් කර ගැනීමේ හා ප්‍රක්ශේපනය කර ගැනීමේ කාර්මික සොයා ගැනීම් මත පදනම් වෙමින් මනුෂ්‍ය ජීවිතයේ අත්දැකීම් විනෝදාත්මක ස්වරූපයෙන් ප්‍රකාශ කිරීමේ ශක්තිය නිසා සිනමාව මහජනයාගේ ප්‍රධාන විනෝදාත්මක මාධ්‍යයක් බවට පත් විය.සිනමාව යන්නට සැතැම් විචාරකයන් පවසා ඇත්තේ සිනමව දිවිය පවතින අයුරින් කැඩපතක් සේ පිළිබිඹු කරන ලෝකයේ මතුපිට එලෙසින්ම වාර්තා කර පෙන්වන දෘශ්‍ය මාධ්‍යයක් ලෙසටය.තවද මිනිසාගේ අද කතා රසයේ ලොල් බවට හොදම පිළිතුර ලබා දෙන්නේ සිනමාවයි. 

නූතන ජනමාධ්‍යයන් අතරින් වඩාත් ප්‍රබල ජනමාධ්‍යයක් ලෙස සිනමාව හදුන්වා දිය හැක .එක් අත්කින් බලූ කල සිනමාව කලාවකි.තවත් අතකින් බැලූ කල සිනමාව යනු කර්මාන්තයකි.එමෙන්ම සිනමාව කලාවක් ලෙසට විග්‍රහ කරනු ලබන්නේ සමාජය සහ සමාජයේ සිදුවීම් කාලාත්මකව හා සෞන්දර්යාත්මක ලෙස විවරණය කරන බැවිනි .සිනමාව කර්මාන්තයක් ලෙසට විග්‍රහ කරනු ලබන්නේ ඒ ආශ්‍රිතව ලක්ෂ සංඛ්‍යාත වෘර්තිකයන් බිහිවී සිටීම සහ සිනමාව ලෝකයේ ප්‍රධාන ආදයම් මාර්ගයක් බැවිණි. එමෙන්ම රූපසටහන් කර ගැනීමේ හා ප්‍රක්ශේපනය කර ගැනීමේ කාර්මික සොයා ගැනීම් මත පදනම් වෙමින් මනුෂ්‍ය ජීවිතයේ අත්දැකීම් විනෝදාත්මක ස්වරූපයෙන් ප්‍රකාශ කිරීමේ ශක්තිය නිසා සිනමාව මහජනයාගේ ප්‍රධාන විනෝදාත්මක මාධ්‍යයක් බවට පත් විය.සිනමාව යන්නට සැතැම් විචාරකයන් පවසා ඇත්තේ සිනමව දිවිය පවතින අයුරින් කැඩපතක් සේ පිළිබිඹු කරන ලෝකයේ මතුපිට එලෙසින්ම වාර්තා කර පෙන්වන දෘශ්‍ය මාධ්‍යයක් ලෙසටය. කලාත්මක මාධ්‍යක් ලෙස සිනමාවේ පවතින මූලික ශක්‍යතාවන් සොයාගනු ලැබුවේ ග‍්‍රිෆිත් විසිනි.සිනමාවෙ ඍෂිවරයා වන්නේ ග‍්‍රිෆිත්ය. 

          ඔහුගේ අදහස වූයේ සම්පුර්ණ රූපය සිනමාව ට නැගීය යුතුය යන අදහස  නොවේ. අප සාමාන්‍ය ජීවීතයේදී පුද්ගලයෙකු දකින්නේ ඒ ඒ අවස්ථාවට අපගේ අවධානයට පාත‍්‍රවන කොටස් ලෙසය. ඒ හැර අප මනසින් කපන රූප,  රූප කෝන ලෙස ඔහු දක්වයි.සමීප,මධ්‍යම, දුර ආදී ලෙස ග‍්‍රිෆිත් විසින් කතා කීමේ කලාව වඩා හොඳින් කිරීමේ ක‍්‍රමවේදයක් තනයි. සිනමාව මේ තරම් ජනප‍්‍රිය වන්නේ අන් කිසිඳු මාධ්‍යකට සිනමාව තරම් කතාවක් කිවනොහැකි නිසයි.

  රේඛාව සිනමා නිර්මාණය .                    ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු රේඛාව සිනමා පටය ස්වභාවික දර්ශන තලවල ර...