My Blog List

Wednesday 12 July 2023

 

රේඛාව සිනමා නිර්මාණය .



                   ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු රේඛාව සිනමා පටය ස්වභාවික දර්ශන තලවල රූප ගත කල පළමු සිංහල සිනමා පටය ලෙස හැදින්විය හැක .රේඛාව සිනමා පටය මුලින්ම තිරගත කරන ලද්දේ 1956 වසරේ දෙසැම්බර් 28 වන දිනය.රේඛාව සිනමා පටය සිලෝන් තියටරස් සමාගමේ බෙදා හැරීමක් වූ අතර මෙහි කැමරා අධ්‍යක්ෂණය සිදු කර ඇත්තේ විලියම් බ්ලේක් විසිනි .තවද මෙහි විශේෂතවය වන්නේ රේඛාව සිනමා පටය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ පළමු සිනමා අධ්‍යක්ෂණයයි.රේඛාව සිනමා නිර්මාණය සංදිස්ථානයක් ලෙස සැලකීමට හේතු ගණනාවක් ඇත.මෙම සිනමා පටය තුරු හුදු ඉන්දියානු ආභාසය සහිතව වානිජ අරමුණු පෙරදැරි කොට ගෙන නිර්මාණය වූ සිංහල චිත්‍රපට කලාවට ස්වදේශිකත්වය සහ සම්භාව්‍ය අර්ථකථනයක් ලබා දුන් සිනමා නිර්මාණයක් ලෙස හැදින්විය හැක .

තවද, ඉන්දියානු චිත්‍රාගර තුළ රූගත කිරීම වෙනුවට එළිමහන් දර්ශනතල යොදාගෙන පළමු වරට රූ ගත කල සිංහල චිත්‍රපටය ලෙස රේඛාව සිනමා නිර්මාණය විශේෂතවයක් උසුලයි.අන්තර්ජාතික චිත්‍රපට උළෙලක් පළමු වරට නියෝජනය කරන ලද්දේ රේඛාව සිනමා නිර්මාණයයි.මෙම සිනමා නිර්මාණය 1957 වර්ශයේ ප්‍රංශයේ කාන්ස් චිත්‍රපට උළෙල නියෝජනය කල අතර 1956 වසර සදහා වූ දීපශිඛා සම්මානයෙන්ද රේඛාව සිනමා නිර්මාණය පිදුම් ලබයි .මීට අමතරව රේඛාව සිනමා පටය කර්ලෝවිවාරි සිනමා උළෙල, ස්ටැම්ෆඩ් සිනමා උළෙල වැනි අන්තර්ජාතික සිනමා උලෙළ ගණනාවක්ම නියෝජනය කල අතර මෙහිදී විශේෂත්වය වන්නේ ඒ සදහා සුදුසු කම් ලැබූ පළමු සිංහල චිත්‍රපටය රේඛාව සිනමා නිර්මාණය වීමයි.





                   රේඛාව සිනමා නිර්මාණය සදහා රංගනයෙන් දායක වූවන් අතර ආනන්ද වීරකෝන් , මල්ලිකා පිල පිටිය, ඩී.ආර් නානායක්කාර , අයිරාංගනී සේරසිංහ ,  රොම්ලන්ද සිල්වා වැනි රංගන ශිල්පීන් වැදගත් වේ.මීට අමතරව රේඛාව සිනමා නිර්මාණයේ සංස්කරණය කටයුතු ටයිටන් තොරවත්ත විසින් සිදු කර ඇති අතර කලා අධ්‍යක්ෂණය ශේෂා පලිහක්කාර විසින් සිදු කර ඇත .තවද සංගීත අධ්‍යක්ෂණ කටයුතු සිදු කර ඇත්තේ සුනිල් ශාන්ත ප්‍රමුඛ පිරිස වේ.සිනමා පටය තුළ ගීත පද මාලා රචනා කොට ඇත්තේ මර්සලීන් ජයකොඩි පියතුමා විසින්ය .තවද රේඛාව සිනමා නිර්මාණය සදහා ගාමිණී ෆොන්සේකා රංගදරයා විසින් සිනමා පටය තුළ කාර්මික ශිල්පී භූමිකාව සදහා රංගනයෙන් දායක වී ඇති අතර වේෂ නිරූපණ කටයුතු ඩෙරික් ඩෙනිස් විසින් සිදු කර ඇත .එමෙන්ම සිනමා නිර්මාණය සදහා දෙබස් රචනා කොට ඇත්තේ කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා මහතා විසිනි .ඒ අනුව රේඛාව සිනමා නිර්මාණය ලාංකේය සිනමාව නව මානයයට රැගෙන යාමට දායක වූ විශිෂ්ඨතම සිනමා නිර්මාණාත්මක් ලෙස හදුන්වා දිය හැකිය.
 

Friday 7 July 2023

 කඩවුණු පොරොන්දුව සිනමා නිර්මාණය .






                කඩවුණු පොරොන්දුව සිනමා පටය නිශපාදන කටයුතු ආරම්භ කරන ලද්දේ 1946 වසරේදීය .කඩවුණු පොරොන්දුව සිනමා පටය ප්‍රථම වරට ප්‍රදර්ශනය කොට ඇත්තේ 1947 වසරේ ජනවාරි 21 වන දිනය.කොළඹ කිංග්ස්ලි සිනමා ශාලාව තුළදී ප්‍රදර්ශනය කොට ඇත .තවද මෙම සිනමා නිර්මාණයේ නිශපාදන කටයුතු කර ඇත්තේ චිත්‍රකලා මුවිටෝන් සමාගම විසින්ය.ඒ අනුව මෙම කාල වකවානුව වන විට චිත්‍රපටයක් සදහා සුදුසු කතාවක් සොයමින් සිටි එස්.එම්.නායගම් මහතා එකල ජනප්‍රිය මිනර්වා නාට්‍යයක් වූ කඩවුණු පොරොන්දුව ඒ සදහා සුදුසු බව හදුනා ගෙන බී.ඒ.ඩබ්ලිව් .ජයමාන්නයන්ගෙන් ඒ සදහා අවසර ලබා ඇත .මුල් වතාවේදී ඒ සදහා අවසර නොලැබුණත් පසුව ඒ සදහා අවසර ලබා දී ඇත. කඩවුණු පොරොන්දුව සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂක වරයා ලෙස කටයුතු කර ඇත්තේ ජ්‍ර්‍යෝතිෂ් සිංහා නැමැති ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂක වරයාය.තවද සිනමා නිර්මාණය තුළදී සංගීත අධ්‍යක්ෂක වරයා ලෙස කටයුතු කර ඇත්තේ නාරායන අයියාර් නම් සංගීත අධ්‍යක්ෂක වරයාය .සිනමා නිර්මාණයේ කැමරා කටයුතු මෙහෙයවන ලද්දේ ප්‍රභාකර් නැමැත්තා විසිනි .තවද සිනමා නිර්මාණයේ සංස්කරණ කටයුතු සිදු කර ඇත්තේ ෆ්කීර් සලේහ්ගෙන් විසිනි .


කඩවුණු පොරොන්දුව සිනමා නිර්මාණයේ රංගන ශිල්පීන්.

1.  බී.ඒ.ඩබ්ලිව් ජයමාන්න (සැම්සන්ගේ චරිතය 

2.රුක්මණී දේවී ( රංජනීගේ චරිතය )

3.ඒ.ඩී ජයමාන්න ( මනම්පුවා)

4.ස්ටැන්ලි මල්ලවාරච්චි (හේමපාල)

5.පීටර් පීරිස් ( වික්ටර්)

6.රූපා දේවි( ටැක්ලා)

7.ඇසිලින් බාලසූරිය ( සුමනා)

8. හුයුගෝ ප්‍රනාන්දු (වෛද්‍යවරයා)

9. ඩී.ටී පෙරේරා ( ජයසේන)

                                          යන රංජන ශිල්පීන් රංගනයෙන් දායකත්වය ලබා දී ඇත .


කඩවුණු පොරොන්දුව සිනමා පටයේ ගීත නිර්මාණ.


1. ශ්‍රී ජය විජය" – මිනර්වා සංගීත කණ්ඩායම.

2. "ප්‍රේම දයා" – රුක්මණී දේවී.

3. "ළපටි රූපේ ඈගේ" – එඩී ජයමාන්න.

4. "දෙව ස්වාමි" – රුක්මණී දේවී.

5. "සන්ධ්‍යාවේ ශ්‍රියා රම්‍යා ලෙස පේනා" – රුක්මණී දේවී සහ හියුගෝ ප්‍රනාන්දු / ස්ටැන්ලි මල්ලවආරච්චි.

6. "ඉස් ඉස්සර වෙලා උඹව මමයි" – එඩී ජයමාන්න සහ ජෙමිණි කාන්තා.

7. "පාපෙ ශාපෙ දෝ" – රුක්මණී දේවී සහ හියුගෝ ප්‍රනාන්දු / ස්ටැන්ලි මල්ලවආරච්චි.

8. "මගේ සක බඹරු" – එඩී ජයමාන්න සහ ජෙමිණි කාන්තා.

9. "තක්කිට තරිකිට" – එඩී ජයමාන්න සහ ජෙමිණි කාන්තා.

10. "සුන්දරී රූප රාජිණී" – ස්ටැන්ලි මල්ලවආරච්චි සහ පීටර් පීරිස්.

11. "ජීවිතයේ සාමෙයි" – රුක්මණී දේවී.

12. "යම් ඉඳිය දිසාව" – රුක්මණී දේවී.


ඒ අනුව 1947 දී තිරගත වූ කඩවුණු පොරොන්දුව සිනමා පටය මෙරට ප්‍රථම සිංහල කතානාද සිනමා පටය ලෙස පෙන්වා දිය හැක .සමකාලීන සමාජ අත්දැකීමක් පාදක කර ගත් වෘත්තාන්ත සිනමා කෘතියක් ලෙසට පෙන්වා ඇත .මීට අමතරව මෙම සිනමා නිර්මාණය තුළදී සමාජය පිළිබඳ සමාජ විද්‍යාත්මක කරුණු එනම් සමාජ ස්ථර තත්වයන් පිළිබඳ විග්‍රහයක් ද් සිනමා කෘතිය තුළින් නිරූපිත වේ.


Saturday 1 July 2023



 කතානාද සිනමා යුගය

 

1930 වසරේ මැද භාගය වන විට සීමා සහිත මාදන් තියටරස් සමාගම විශාල වර්ධනයක් පෙන්නුම් කරන ලදී.මාදන් තියටරස් සමාගමේ නිර්මාපකයා වූයේ ජ්මශේජ් ශිරාම්ජි නම් පුද්ගලාය.ඔහු 1902 දී කල්කටාව කේන්ද්‍ර කොට ගත් සිනමා ව්‍යාපාරකයෙකු ලෙස ප්‍රසිද්ධය.ඔහු ඉන්දියාවේ ප්‍රධාන නගර වල සහ බ්‍රිතාන්‍ය යටත් විජිතයන්හි ප්‍රධාන නගර වලත් සිනමා ශාලා හා චිත්‍රපට බෙදා හැරීම ඔහුගේ ආධිපත්‍යයට තතු කර ගැනීමට සමත් විය.ලංකාව තුළ මෙය ඇරඹුනේ ඔහුගේ පළමු ශ්‍රීලංකා සංචාරයෙන් අනතුරුවය. එනම් 1903 වර්ෂයේදීය .ඒ අනුව ඔහුගේ මැදිහත් වීමත් සමග ශ්‍රීලංකාව පුරා චිත්‍රපට බෙදා හැරීම සහ ප්‍රදර්ශනය කිරීම මෙන්ම දිවයින පුරා සිනමා ශාලා ප්‍රමාණය ඉහළ නැංවීමට හැකියාව ලැබිණි. 


                                                                        ජ්මශේජ් ශිරාම්ජි


   ලංකාව තුළ 1925 වන තෙක්ම දේශීය චිත්‍රපට නිශපාදනයක් සිදු නොවුණු අතර මෙම කාල සීමාව තුළදී දේශීය සිනමාව පිළිබඳ එතරම් සැළකිලිමත් නොවූ යුගයක් ලෙසට හැදින්විය හැක .එමෙන්ම ඉන්දියාව තුළ ඒ වන විට නිහඬව චලනය වූ හින්දි සිනමා ලෝකයට ගීත,දෙබස්,සංගීතය මුසු වීමත් සමගින් චිත්‍රපට නිර්මාණය කෙරෙහි ප්‍රවේශ විවර විය. ශ්‍රී ලංකාව තුළ ඒ වන විට ප්‍රවේශ වීමට නොහැකි වූයේ ඊට අදාළ තාක්‍ෂණික පහසුකම් නොතිබීම හා භූගෝලීය වශයෙන් දුරස්ථ භාවයක් පැවතීම යන කරුණු බලපා ඇත. මෙම කාල සීමාව තුළ දේශීය සිනමා නිර්මාණයන් නොතිබුණ පසුබිමක ඉන්දියානු හා ඇමරිකානු චිත්‍රපට ප්‍රේක්ෂකයන් වෙත නැරඹීම සදහා අවස්ථාව ලබා දී ඇත.නිදසුනක් ලෙසට ගෝවින්ද රාජ් පාල්කේශේ රාජා හරිචන්ද්‍ර සමගින් චාලී චැප්ලීන්ගේ Gold Rush (1925) සන සිනමා කෘති ගත හැකිය.

මීට අමතරව තවත් නිදසුනක් ලෙසට චාලී චැප්ලීන්ගේ නිහඬ සිනමා කෘතියක් වූ Good Night Charlie නැතහොත් A Night කොළඹ එල්ෆින්ස්ටන්හිදී ප්‍රදර්ශනය කොට ඇත .මීට අමතරව කාල සීමාව තුළදී ස්ටූවන්ට් නැමැත්තා විසින් නිශපාදනය කරන ලද Wonderful Night සහ ජේම්ස් ෆ්ලච්ගේ Man Without a Conscience යන සිනමා පට ලාංකීය ප්‍රෙක්ෂ්කයා හට නැරඹීම සදහා අවස්ථාව උදා විය. 


                                                               ආචාර්ය එන්.එම්.පෙරේරා

තවද, ශ්‍රීලංකාවේ සිනමා ඉතිහාසය තුළ වැදගත් සංදිස්ථානයක් සනිටුහන් වූයේ ප්‍රථම නිහඬ සිනමා පටය වූ ටී.ඒ.ජී නූර්බායිගේ රාජකීය වික්‍රමය නම් සිනමා කෘතියයි.රාජකීය වික්‍රමය සිනමා පටය අධ්‍යක්ෂණය කරන ලද්දේ ගුප්ත යන අය විසින්ය. සිනමා පටය සදහා ප්‍රධාන රංගන දායකත්වය ලබා දී ඇත්තේ ආචාර්ය එන්.එම්.පෙරේරා විසිනි.මීට අමතරව සිනමා පටය ඉන්දියාව හා සිංගප්පූරුව තුළ ප්‍රදර්ශනය කොට ඇත.

මේ ආකාරයට මෙරට නිහඬ සිනමා යුගය පිළිබඳ තොරතුරු හෙළිදරව් කර හැක.

මේ පිළිබද වැඩිදුර අධ්‍යයනය සඳහා,






  රේඛාව සිනමා නිර්මාණය .                    ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු රේඛාව සිනමා පටය ස්වභාවික දර්ශන තලවල ර...