My Blog List

Thursday 15 June 2023

සිනමාවේ තාක්‍ෂණික සහ කලාත්මක පැතිකඩ.

                                                    


          සිනමාවේ තාක්‍ෂණික සහ කලාත්මක පැතිකඩ.


සිනමාවේ කලාත්මක පැතිකඩ .




ශුද්ධ කලාවක් වන සංගීතය , චිත්‍ර ශිල්පය, නර්ථනය සහ ගෘහ නිර්මාණ ශිල්පය වැනි කලා ඝනයට චිත්‍රපට අයත් වේ. සිනමාව වූ කලී ඉතාමත් ගැඹුරින් මනුෂත්වය පිළිබඳ සාකච්ඡා කරන මාධ්‍යක් වේ.මිනිසුන් ආනන්දයෙන්   දැනුමට පත් කල හැකි මාධ්‍යයක් ලෙසට සිනමාව හැදින්විය හැක. කලාව හා ව්‍යාපාරය මත තාක්‍ෂයද කලාව හා තාක්‍ෂණය මත ව්‍යාපාරයද ව්‍යාපාරය හා තාක්‍ෂණය මත කලාවද පිහිටයි.

ඒ අනුව අද වන විට සිනමාව ආ ගමන් මග සමග ප්‍රධාන පියවර හතරක් ඔස්සේ වර්ග කල හැක.


         i) සිනමාවේ පූර්ව යුගය 

      ii) නිහඬ සිනමා යුගය 

iii) කතානාද යුගය 

                          iv) අධ්‍යතන අවධිය (නූතන යුගය ).

සිනමාවේ තාක්‍ෂණික පැතිකඩ 





නූතන ලෝකයේ ජනප්‍රිය කලා මාධ්‍යයක් ලෙස සැලකෙන සිනමාව තාක්‍ෂණය මත පදනම්ව බිහිවූවකි.මුද්‍රිත මාධ්‍ය,සාහිත්‍යය,කෙටිකතා,නර්ථනය,චිත්‍ර කලාව ආදී බොහෝ දේ තාක්‍ෂණය මත පදනම්ව පවතී.සිනමාව වූ කලී කාර්මික උපකරණ මත බිහිවූවක් ලෙස සැලකිය හැක .චිත්‍රපට තිර රචනයේ සිට සංස්කරණය කොට රූ ගත කිරීම මුදා හැරීම තෙක්ම සිදුවන අභ්‍යන්තරික ක්‍රියාවලිය සදහා තාක්‍ෂණය අවශ්‍ය වේ.තාක්‍ෂණයේ දියුණුව සමග වර්තමානය වන විට ඉතා සීඝ්‍රයෙන් තොරතුරු සංප්‍රේෂණය කිරීමේ හැකියාව හේතුවෙන් සිනමාව ඉතා වේගයෙන් දියුණු තත්ත්වයට පත්විය .තවද සිනමාව සතු විශේෂතවය වන්නේ තාක්‍ෂණය මත නව්‍යකරණයට බදුන් වීමයි. මෙහිදී සිනමාව තුළ කැපී පෙනෙන තාක්‍ෂණික වෙනස්කම් අතර පහත සදහන් කරුණු වැදගත් වේ.


* 70 සහ 80 දශක වල මුල්‍ යුගයේදී සිනමා ශාලා වල චිත්‍රපට පෙන්වීම .


* පසුව 90 දශකයේ මැද භාගයේ මැද පෙරදිග ගොස් ලංකාවට පැමිණෙන ශ්‍රමිකයන් වීඩියෝ කැසටි පත්‍ර ගෙන ඒම හරහා ඒ මගින් චිත්‍රපට නැරඹීම .


* 90 දශකයේ අග භාගයේ අන්තර්ජාලය හරහා චිත්‍රපට නැරඹීම .


* පරිගණක ආගමනය VHS හරහා චිත්‍රපට නැරඹීම .


* අනතුරුව VCD පැමිණීමෙන් කොටස් දෙකක් ඔස්සේ චිත්‍රපට නැරඹීම .


* 2005 වසරේ VCD වලට ආදේශක ලෙස DVD පැමිණීම .


* VHS,VCD,DVD තැටි වලින් පසු ත්‍රීවරතාව ඉහළ සහ රූප ත්‍රීවරතාව වැඩි Blure මාධ්‍ය පැමිණීම .


* පසුව DVD සහ Blure මාධ්‍ය ඉතා ජනප්‍රිය වීම.


* ඩිජිටල් තාක්‍ෂණය ඔස්සේ Diglog tv , Peotv හරහා චිත්‍රපට නැරඹීම .


* අනතුරුව ජංගම දුරකථනය මගින් ඍජුවම අන්තර්ජාලයට සම්බන්ධව චිත්‍රපට නැරඹීම.



සිනමාව කර්මාන්තයක් ලෙස වැදගත් වීම .


සිනමාවේ පුනරාගමනය එය කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනයට මූලික අඩිතාලම විය.සෑම ආකාරයටම සිනමාව තුළින් මුදලක් ලබා ගත හැකි වීම නිසා ලෝකයේ වර්තමානය වන විට සිනමාව කර්මාන්තයක් වශයෙන් ප්‍රචලිත වී ඇත. 

  • 1895 සිට 2021 දක්වා වූ වසර කිහිපය තුළ සිනමාව ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පවතින මාධ්‍යක් වේ. 

  • 90 දශකයේ ඇමරිකාව තුළ තුන්වන ආර්ථික නිෂ්පාදනය බවට සිනමාව පත් විය.


  • 1994 තිරගත වූ ටයිටැනික් චිත්‍රපටය නැරඹූ ප්‍රෙක්ෂ්ක සංඛ්‍යාව වර්තමානය වන විට ක්‍රමයෙන් වැඩි වීම.


  • ජේම්ස් කැමරන්ගේ ඇවටර් චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට ගිය මුදල ලංකාවේ වික්ටෝරියා ව්‍යාපෘතිය සදහා ගිය පිරිවැයටත් වඩා වැඩිය.


ඒ අනුව සිනමාව හරහා වර්තමානය වන විට ඉහළ ලාභයක් උපයනු ලබයි.මේ ආකාරයට බලන කල සිනමාව කර්මාන්තයක් ලෙස වැදගත් වේ.

3 comments:

  රේඛාව සිනමා නිර්මාණය .                    ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු රේඛාව සිනමා පටය ස්වභාවික දර්ශන තලවල ර...