My Blog List

Wednesday 12 July 2023

 

රේඛාව සිනමා නිර්මාණය .



                   ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු රේඛාව සිනමා පටය ස්වභාවික දර්ශන තලවල රූප ගත කල පළමු සිංහල සිනමා පටය ලෙස හැදින්විය හැක .රේඛාව සිනමා පටය මුලින්ම තිරගත කරන ලද්දේ 1956 වසරේ දෙසැම්බර් 28 වන දිනය.රේඛාව සිනමා පටය සිලෝන් තියටරස් සමාගමේ බෙදා හැරීමක් වූ අතර මෙහි කැමරා අධ්‍යක්ෂණය සිදු කර ඇත්තේ විලියම් බ්ලේක් විසිනි .තවද මෙහි විශේෂතවය වන්නේ රේඛාව සිනමා පටය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ පළමු සිනමා අධ්‍යක්ෂණයයි.රේඛාව සිනමා නිර්මාණය සංදිස්ථානයක් ලෙස සැලකීමට හේතු ගණනාවක් ඇත.මෙම සිනමා පටය තුරු හුදු ඉන්දියානු ආභාසය සහිතව වානිජ අරමුණු පෙරදැරි කොට ගෙන නිර්මාණය වූ සිංහල චිත්‍රපට කලාවට ස්වදේශිකත්වය සහ සම්භාව්‍ය අර්ථකථනයක් ලබා දුන් සිනමා නිර්මාණයක් ලෙස හැදින්විය හැක .

තවද, ඉන්දියානු චිත්‍රාගර තුළ රූගත කිරීම වෙනුවට එළිමහන් දර්ශනතල යොදාගෙන පළමු වරට රූ ගත කල සිංහල චිත්‍රපටය ලෙස රේඛාව සිනමා නිර්මාණය විශේෂතවයක් උසුලයි.අන්තර්ජාතික චිත්‍රපට උළෙලක් පළමු වරට නියෝජනය කරන ලද්දේ රේඛාව සිනමා නිර්මාණයයි.මෙම සිනමා නිර්මාණය 1957 වර්ශයේ ප්‍රංශයේ කාන්ස් චිත්‍රපට උළෙල නියෝජනය කල අතර 1956 වසර සදහා වූ දීපශිඛා සම්මානයෙන්ද රේඛාව සිනමා නිර්මාණය පිදුම් ලබයි .මීට අමතරව රේඛාව සිනමා පටය කර්ලෝවිවාරි සිනමා උළෙල, ස්ටැම්ෆඩ් සිනමා උළෙල වැනි අන්තර්ජාතික සිනමා උලෙළ ගණනාවක්ම නියෝජනය කල අතර මෙහිදී විශේෂත්වය වන්නේ ඒ සදහා සුදුසු කම් ලැබූ පළමු සිංහල චිත්‍රපටය රේඛාව සිනමා නිර්මාණය වීමයි.





                   රේඛාව සිනමා නිර්මාණය සදහා රංගනයෙන් දායක වූවන් අතර ආනන්ද වීරකෝන් , මල්ලිකා පිල පිටිය, ඩී.ආර් නානායක්කාර , අයිරාංගනී සේරසිංහ ,  රොම්ලන්ද සිල්වා වැනි රංගන ශිල්පීන් වැදගත් වේ.මීට අමතරව රේඛාව සිනමා නිර්මාණයේ සංස්කරණය කටයුතු ටයිටන් තොරවත්ත විසින් සිදු කර ඇති අතර කලා අධ්‍යක්ෂණය ශේෂා පලිහක්කාර විසින් සිදු කර ඇත .තවද සංගීත අධ්‍යක්ෂණ කටයුතු සිදු කර ඇත්තේ සුනිල් ශාන්ත ප්‍රමුඛ පිරිස වේ.සිනමා පටය තුළ ගීත පද මාලා රචනා කොට ඇත්තේ මර්සලීන් ජයකොඩි පියතුමා විසින්ය .තවද රේඛාව සිනමා නිර්මාණය සදහා ගාමිණී ෆොන්සේකා රංගදරයා විසින් සිනමා පටය තුළ කාර්මික ශිල්පී භූමිකාව සදහා රංගනයෙන් දායක වී ඇති අතර වේෂ නිරූපණ කටයුතු ඩෙරික් ඩෙනිස් විසින් සිදු කර ඇත .එමෙන්ම සිනමා නිර්මාණය සදහා දෙබස් රචනා කොට ඇත්තේ කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා මහතා විසිනි .ඒ අනුව රේඛාව සිනමා නිර්මාණය ලාංකේය සිනමාව නව මානයයට රැගෙන යාමට දායක වූ විශිෂ්ඨතම සිනමා නිර්මාණාත්මක් ලෙස හදුන්වා දිය හැකිය.
 

2 comments:

  රේඛාව සිනමා නිර්මාණය .                    ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු රේඛාව සිනමා පටය ස්වභාවික දර්ශන තලවල ර...