My Blog List

Saturday 10 June 2023

සිනමා ඉතිහාසය ( History of cinema)

       


 සිනමා ඉතිහාසය    ( History of cinema)




  ලෝකයේ බිහිවුණු ලබාලතම ලලිත කලාව ලෙස සිනමාව හදුන්වනු ලැබේ. චිත්‍රපට ඉතිහාසය ගැන කතා කිරීමේදී 19 වන සියවසේ සිට 21 වන සියවස ආරම්භය දක්වා අවුරුදු ගණනාවක් පුරාවට විහිද යයි.චිත්‍රපට  කලාව සංනිවේදනය තුළ ඉතාම වැදගත් මාතෘකාවක් ලෙසට හදුන්වා දිය හැක. ඒ මන්ද කිවහොත් ඕනෑම චිත්‍රපටයක දේශපාලනය,සමාජය,තාක්‍ෂණය යන ඒකක ගැබ්ව පවතින නිසාවෙනි. ලෝක චිත්‍රපට කලාවේ ස්ථිරවම සදහන් කල හැකි මුල්ම චිත්‍රපටය වන්නේ ලුවිස්. ලී . ප්‍රින්ස් විසින් 1888 ඔක්තෝබර් 14 වන දින එංගලන්තයේ බටහිර යෝක්ෂයර්හි ලීඩ්ස් රවුන්ඩ් ප්‍රදේශයේ පටිගත කරන ලද Roundhoy Garden Scene නම් දර්ශනයයි.එය ලෝකයේ බිහිවූ මුල්ම චිත්‍රපටය ලෙස තව දුරටත් සාක්ෂි මගින් හෙළිදරව් වී ඇත.එමෙන්ම 1895.12.18 දින පැරීසියේ ලුවී ලුවියර් සහ ඔගස්ටේ ලුවියර් යන දෙදෙනා විසින් Arrival of a Train at Location (1896) යන කාලය තුළදී විනාඩි දෙකකින් යුක්ත චිත්‍රපටය ක් ප්‍රදර්ශනය කර ඇත.මෙයද ලෝක සිනමාවේ කැපී පෙනෙන ප්‍රබල සිවුවීමකිඑඩ්වින්.එස්.පෝටර්, ඩබ්ලිව් ග්‍රිපිත්, ඒ .එම් අයිස්ටයින් යන පුද්ගලයන් ලෝක සිනමාවේ ආරම්භක පුරෝගාමීන් වේ.මෙලෙස ඇරඹි සිනමාව අද වන විට ලෝකයේ සෑම රටකම ව්‍යාප්තව ඇත.ලෝක චිත්‍රපට කලාවේ ස්ථිරවම සදහන් කල හැකි මුල්ම චිත්‍රපටය වන්නේ ලුවිස්. ලී . ප්‍රින්ස් විසින් 1888 ඔක්තෝබර් 14 වන දින එංගලන්තයේ බටහිර යෝක්ෂයර්හි ලීඩ්ස් රවුන්ඩ් ප්‍රදේශයේ පටිගත කරන ලද Roundhoy Garden Scene නම් දර්ශනයයි.එය ලෝකයේ බිහිවූ මුල්ම චිත්‍රපටය ලෙස තව දුරටත් සාක්ෂි මගින් හෙළිදරව් වී ඇත .එමෙන්ම 1895.12.18 දින පැරීසියේ ලුවී ලුවියර් සහ ඔගස්ටේ ලුවියර් යන දෙදෙනා විසින් Arrival of a Train at Location (1896) යන කාලය තුළදී විනාඩි දෙකකින් යුක්ත චිත්‍රපටයක් ප්‍රදර්ශනය කර ඇත.

                  


මෙයද ලෝක සිනමාවේ කැපී පෙනෙන ප්‍රබල සිවුවීමකි.එඩ්වින්.එස්.පෝටර්, ඩබ්ලිව් ග්‍රිපිත්, ඒ .එම් අයිස්ටයින් යන පුද්ගලයන් ලෝක සිනමාවේ ආරම්භක පුරෝගාමීන් වේ.මෙලෙස ඇරඹි සිනමාව අද වන විට ලෝකයේ සෑම රටකම ව්‍යාප්තව ඇත.ලාංකීය ඉතිහාසය පිළිබඳ සදහන් කිරීමේදී ලාංකීය සිනමාව ආරම්භ වූයේ බ්‍රිතාන්‍ය පාලන සමයේදීය. නමුත් 19 වන සියවසේදී පැවති විදේශ සබඳතා හේතුවෙන් බ්‍රිතාන්‍ය පාලකයන් ඉවත් වී ලංකාව තුළ යටිතල පහසුකම් කොළඹ නගරය කේන්ද්‍ර කොට ගනිමින් පැවතිණි.මේ හේතුව නිසා ලංකාවේ සිනමා ව්‍යාපාරය කොළඹ නගරය කේන්ද්‍ර කොට ගනිමින් ඇරඹිණ. නාට්‍ය කලාව මූලික කර ගනිමින් ඇරඹි සිනමාව වර්තමානය වන විට දෙස් විදෙස් සියලු ප්‍රේක්ෂකයන්ගේ ප්‍රණාමයට බදුන් වී ඇත.මූලික වශයෙන් ගත් කල විනෝදාස්වාදය පදනම් කර ගනිමින් සමස්ත සමාජයට යම් ආදර්ශයක් සැපයීමේ අරමුණින් මුල්ම සිනමාව ආරමභ වූ නමුත් පසුව එය මහා පරිමාණ කර්මාන්තයක් බවට පත්විය. ඒ අනුව සිනමාව එක් පැත්තකින් කලාවකි.තවත් අතකින් බැලූ කල තාක්‍ෂණයකි.එසේම සිනමාව ව්‍යාපාරයකි.මේ ත්‍රිත්වයේම එකතුවක් ලෙසට සිනමාව නිර්මාණය වී ඇත.

1 comment:

  රේඛාව සිනමා නිර්මාණය .                    ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු රේඛාව සිනමා පටය ස්වභාවික දර්ශන තලවල ර...